වැලිකඩ-අනුරාධපුරේ බන්ධනාගාරවල CCTV නෑ..

September 18, 2021 at 10:40 am | lanka C news
වැලිකඩ-අනුරාධපුරේ බන්ධනාගාරවල CCTV නෑ..

වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවල සීසීටීවී කැමරා පද්ධති සවි කර නැති බව බන්ධනාගාර මූලස්ථානය කියා සිටියි.

දැනට එම කැමරා සවිකර ඇත්තේ අගුණුකොළපැලැස්ස කළුතර හා බූස්ස යන බන්ධනාගාරවල පමණක් බවද බන්ධනාගාර මූලස්ථානය කියයි.

එම තත්ත්වය මත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනයේ දී සීසීටීවී දර්ශන උපයෝගී කරගැනීමට හැකියාවක් නැති තත්වයක් මතුව තිබේ.

නමුත් ඕනෑම බන්ධනාගාරයකට ඕනෑම පුද්ගලයෙකු ඇතුළුවීමේදී සටහන් තබා ගන්නා ලොග් සටහන් පොතක් සෑම බන්ධනාගාරයකටම ඇති බවත් එම සටහන් අදාළ විමර්ශන සඳහා යොදාගත හැකි බවත් ඔවුන් කියා සිටී.

19,170 views

15 Comments to “වැලිකඩ-අනුරාධපුරේ බන්ධනාගාරවල CCTV නෑ..”

  1. Ajith says:

    ලොකු තැන වලින් visit යනකොට ලොග් පොතේ ලියන්නේ නැහැ. දැන් පහුගිය කාලේ තිස්ස අත්තනායකගේ දුව visit යනකොට ලියලා ගියේ නැහැ

  2. Jagath says:

    Tushara upldeniya ..oitawada hoda kapu dunnanam walikada handiyata awith…..yako ganiwa sale karala jeewathweya rassawen aswela eka itawada nambui

  3. COOL says:

    වැඩේ කලා,වැඩේ ගැස්සූනා,වරද පිලිගත්තා අස්වූනා,දැන් දවස් කිපයකට පසූ බයිලා ගහනවා මේකා 2 පන්තියකටවත් ගිහිල්ලා නැති පාටයි පේන්නේ.

  4. Kumudini says:

    ගොතා තමයි චොපර් එක දීලා යවලා තියෙන්නේ ගිහිල්ලා LTTE කාරයන්ව බයකරන්න කියලා. එතකොට ජිනීවා වල එවුනුත් සද්දයක් නැතිව හිටියේ උන් බය වුනා LTTE කාරයන්ව මරලා දායි කියලා.එල්ලුම් ගැහෙ කේස් එක වෙන එකක්. වැඩේ පත්තුවුන නිසා ගැනී බයයි විවාහික ලෝක රූ රැජින පැජන්ට් එකේදී ගැනිව මේ කේස් එකේදී විසිවෙයි කියලා. ඒ නිසා කේස් එක යටගහනවා. ගොතා පැය දෙකක් ඇතුලත ඔක්කොම CCTV ගලවලා. තව දින කිහිපයකින්ම ලොහාන්ට අධිකරණ අමෙතිකම හරි නිතිය හා සාමය හරි ලැබෙයි. ඔක්කොම කේස් නිදොස් කොට නිදහස්

Main News