වැලිකඩ කොරෝනා නිසා දුමින්ද සිල්වා, චොකා මල්ලි, තංගල්ල සභාපති බනධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට..

November 10, 2020 at 3:00 pm | lanka C news
වැලිකඩ කොරෝනා නිසා දුමින්ද සිල්වා, චොකා මල්ලි, තංගල්ල සභාපති බනධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට..

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳී සිටි සිරකරුවන් හා රැඳවියන් කිහිප දෙනෙකුට පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයේ නේවාසික පහසුකම් සපයා ඇතැයි ලංකාදීප වාර්තා කරයි.

වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැුදවියන්ට සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, තංගල්ල ප්‍රාදේශීය භාවය හිටපු සභාපති සම්පත් විදානපතිරණ, විශ්‍රාමික මේජ් අජිත් ප්‍රසන්න ඇතුළු කිහිප දෙනෙක් මෙසේ නිලධාරීන්ගේ විවේකාගාරයට යොමු කර ඇතැයි ද සඳහන්ය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙසීයකට ආසන්න පිරිසක් මහර බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබියදී මෙම පිරිස පමණක් විවේකාගාරයේ රැඳවීම පිළිබඳව රැඳවියන් සහ සෞඛ්‍යය කාර්ය මණ්ඩලවල දැඩි කතාබහක් ඇතිව තිබෙන බවත් වාර්තාවේ සදහන්ය.

මෙම පියවර ගෙන ඇත්තේ ඉහළින් ලැබුණු නියෝගයක් මත බවත් ලංකාදීප වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කරයි.

38,245 views

22 Comments to “වැලිකඩ කොරෝනා නිසා දුමින්ද සිල්වා, චොකා මල්ලි, තංගල්ල සභාපති බනධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට..”

  1. බූරු පුතානෝ සජීයා says:

    වැඩකරන අපේ විරුවා මේ වීරයෝ 3 දෙනාට එළියට එන්න ලියුම් ගහනකම් වත් ටොයියන්ට ඉවසාගෙන ඉන්න බැරිද?

  2. Buddhist says:

    They were destined to be executed, so why luxury accommodation? Is this Gota’s One Country One Law rule? How much of money did Duminda Silva and Chokka Malli give Gotabaya and his brothers in the past?

  3. Nawodhi says:

    Natural justice may come soon.

  4. Nihal says:

    Cat coming out of the bag…

  5. මාතර සුනිල් says:

    මුංට මරණ දඬුවම් නියම කර ඇති නිසා අඩුම තරමින් බරපතල වැඩ සහිත
    (ගල්කැඩීම, දරපැලීම, රෙදි සේදීම, වැසිකිළි සේදීම) වැනි දඬුවම් පැමිණවිය යුතුයි.

  6. ajith prasanna says:

    තවම මුන්ව එලියට ගන්න බැසිල්ට ගෙවන්න තියෙන ගාන ගැන සම්මුතියකට ඇවිත් නැහැ. කුඩු ඒකාධිකාරිය රෙනෝ වෙත පවරාගෙන ( ඒ නිසා අනෙත් කුදු මුදලාලිලාව මරනවා) ඊට පස්සේ හොඳට හම්බකරගෙන ගාන බැසිල්ට, මරා සහ ගෝරා පවුලට ගාන දුන්න ගමන් වැඩේ ශේප්. දුමියත් පඩත්තල කමට පසුගිය දවස්වල ගොරාගේ කේස් වගයක් හෙලිකල නිසා ගොරා ටිකක් ඔරොප්පු වෙලාලු ඉන්නේ. අනෙක ඔය සෙට් එක හිරේ හිට්යා කියලා දුක් විඳින්නේ නැහැ. කන්න බොන්න සහ රීරි මාංශ පවා ලැබෙනවා. බොහොම සනීපෙන් ඉන්නවා

Main News