වැලිකඩ චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි..

December 20, 2019 at 9:20 am | lanka C news
වැලිකඩ චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි..

2016 වසරේදී රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කරද්දී චම්පික රණවක එවකට ඇමතිවරයාගේ නම සඳහන් නොකරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බව එම පැමිණිල්ල සටහන් කර ගත් වැලිකඩ පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා පවසා තිබේ.

අදාළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව සදහන් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා තිබේ.

එම කොස්තාපල්වරයෙකුට පවසා ඇත්තේ වැලිකඩ පොලීසියේ ඉහළ පොලිස් පරීක්ෂකවරයෙක් දැනුම් දීම මත තමන් එසේ කල බව යයිද නීතිපතිවරයා විසින් අධිකරණයට වාර්තා කර ඇත.

මේ අනුව ඉතා නුදුරේදීම ඉහල පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද වාර්තා සඳහන් කළේය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් එවකට කොළඹ දිසාව භාරව සිටි දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස්පති පූජිත ජයසුන්දරද වන බවද ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම නියමිත බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කරන ලදී.

141 views

8 Comments to “වැලිකඩ චම්පික තවත් අමාරුවේ.. බලපෑම නිසා පැමිණිල්ල වෙනස් කල බව පොලිස් ලොක්කන් පිලිගනී.. අධිකරණයටද දන්වයි..”

  1. Sun says:

    Is this the way law enforcing bodies working against the law. What are the punishments for such offences. They are all to be punished on the spot for misinterpreting the evidence.

    • විස්කි මැඩම් says:

      එල ඈ……… යහපාලන යහපාලනය කියා කියා හිටියට මුන් තව ටිකක් හිටිය නම් ඕනේ තරම් අපරාධ කරලා බේරෙයි. අහිංසක මිනිස්සු වන්දියක් වත් නැතුව අමාරුවෙ වැටෙයි.

  2. Khaki Coat says:

    Law should be applied equally to everybody and the top people who gave illegal orders should be punished and equally who carried out these illegal orders too.

  3. Manel says:

    This is what must happen. As all of know the law of the country was not only bent, but totally abused by helpless officers at the mercy of powerful politicians during last govt. Do not allow people lable this as political revenge

    • SL says:

      do not white wash past gvts , all gvts have done slimier way,even MR gvt did so with Saruwa Sunil,and hambantota rape murder . We need that to be changed now

  4. Fedrick Krishan senarath says:

    පුජිත ජයසුන්දරට ගැලවිමක් නැහැ වගේ මේ යන විදිහට ගොඩක් හිටපු යහපාලන ආණ්ඩුවේ අයගේ එවට තවත් චෝදනා ගොණුවෙයි වගේ එහෙම උනොත් පුජිතට ජිවිත කාලයම ගෙවන්න වෙන්නේ හිරගෙදර තමයි පොලිස්පති වෙන්න හා ඊට පස්සේ ඒ ආණ්ඩුවේ අයට කල එවට තමයි ගෙවන්න වෙන්නේ නිතිය නැව්වට පුජිතට මිනිමැරිමේ චෝදනා තියෙනවා පාස්කු නිසා බලය තියෙනකම් හොඳයි එය නැතිවුනදාට තමයි ඔක්කොම එන්නේ

    • සීමාවක් නැතුව කටු ලෙවකන්න ගියහම ඕක තමයි අන්තිමට වෙන්නෙ. බලපෑම් නිසා රාජකාරිය කරන්න අමාරුයි තමයි…නමුත් තමන්ගෙ ව්ෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගන්න නිළධාරීන් ඕනැ තරම් ඉන්නවා..

  5. Train almeda says:

    අැත්තටම මට දැන ගන්න ඔනි රටේ උගතුන් කියන මේ නරුමයක් කාලා තියෙන්නෙ බත්ද නැතිනම් පුන්නක්කුද කියලා. එ තරම්ම බාල වැඩ කරලා තියෙන්නෙ