වැලිකඩ දැම්මත් අමනුස්සකම නොමැකේ.. අනතුරින් සදා ආබාධිත වූ සන්දීප්ට වරද පටවමීන් පොලීසියට පැමිණිලි කෙරේ…

December 22, 2019 at 10:15 pm | lanka C news
වැලිකඩ දැම්මත් අමනුස්සකම නොමැකේ.. අනතුරින් සදා ආබාධිත වූ සන්දීප්ට වරද පටවමීන් පොලීසියට පැමිණිලි කෙරේ…

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවකට චෝදනා එල්ල වී සිටින තිබෙන රාජගිරියේ රිය අනතුර සිදුවූ අවස්ථාවේ දී එකී යතුරුපැදිය පැදවූ තරුණයා වන සන්දීප් සම්පත්ට ද විරුද්ධව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

ජාතික හෙළ උරුමය පක්ෂයේ කඩුවෙල නාගරික මන්ත්‍රීවරයෙක් විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ අදාල යතුරු පදිය මහ මෙරට මාර්ග වල ධාවනය කිරීමට අවසර නොමැති නොමැති යතුරුපැදියක් බවත් එහි එන්ජින් ධාරිතාව ඉතා ඉහළ එකක් බවත්ය.

එමෙන්ම ඔහු තම පැමිණිල්ල මගින් අදාළ තරුණයා රජයේ වාහනයක ගැටීම හේතුවෙන් රාජ්‍ය දේපල වලට හානි කිරීම ඇතුළු චෝදනා ද එල්ල කර ඇත.

ඒ අනුව දැනට ආබාධිත තත්ත්වයේ පසු වන සන්දීප් සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

2016 වසරේ සිදුවූ අදාළ අනතුර හේතුවෙන් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ එම තරුණයා ආබාධිත තත්ත්වයේ පසු විය.

175 views

33 Comments to “වැලිකඩ දැම්මත් අමනුස්සකම නොමැකේ.. අනතුරින් සදා ආබාධිත වූ සන්දීප්ට වරද පටවමීන් පොලීසියට පැමිණිලි කෙරේ…”

  1. ගයා says:

    මූ ලැස්ති වෙන්නේ යු න් පි එකේ නායකත්වය ට රින්ගන්න. මේකා මහ වල් සතෙක්.

  2. නිමල් says:

    යකෝ යතුරැ පැඩියේ ආ එකා වැරදි නම් චම්පික මොකොටද හොරෙන් පැනල ගියේ. කොල්ලෝ පස්සේ පන්නලා අල්ලාගන්නකන් හියියේ මොකොද? මහත්මයක් වගේ පොලිසියට උදව් කරන්න එපායැ. වෙන රියදුරෙක් අල්ලලා මාරැ උනේ. මේ වගේ නඩු ගොනු කරන එවුන් හිරේ දාන්න ඕනෙ. මහජන මුදල් බොරවට විනාශ කිරීම කියලා. නැතිනම් මුන්ට ටොඉලට් යන්නැති එකටත් කාව හරි අල්ලලා නඩු දාවි

  3. Punyasoma Ralahami says:

    මේ තරුණයා ආභාදිතවී සිටින බව සැබෑය. එහෙත් සාධාරණව සිතන විට වරද ඔහු ගේය. ඔහු ගොස් ඇත්තේ ඇමතිගේ වාහනයට පිටිපස්සෙනි. එසි යනවිට අඩු ගනනේ මීටර් 10 ක වත් පරතරයක් තබා යා යුතුය. අනික මෝටර් සයිකලය අදි දාරිතා එකකි. මහපාරේ දුවන්ට තහනම්ය. පිට්ටනි වල රේස් නම් යා හැක. විමර්ශණ කර ඇත්තේත් නඩුව දමා ඇත්තේත් පොළිසියය. එසේනම් වරද ඇත්තේ පොළිසියේය. ඇමතියා කිසි වරදක් කර නැත.

  4. Singhelay says:

    @ Nawum Mawatha: හිතපන් මේක උබේ එකම සහෝදරයට හරි උබේ එකම පුතාට හරි උනානම් උබ ඉංගිරිසියෙන් කොමෙන්ට් දාල මේක සදාරණිය කරන්න යනවාද ? උබලා වගේ තිරිසන්නු මගේ රටේ අවාසනාවකට ඉපදිලා ඉන්නේ .

  5. MD says:

    BALU WALIGE UNA PURUKE DAMMAI KIYALA WENAS WEIDA?

  6. saman says:

    මේ අර ප ච ගේ පස්සේ යන බෝසෙත් කලහෙපතිරණ කියන ටියුෂන් ගුරාගේ වැඩ

  7. Jampare says:

    Passen Awilla happapuwhama WaradeaIssarahin Giya Ekadgeda ?

Main News