වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

November 6, 2020 at 9:20 am | lanka C news
වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

එම බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වූවත් ඔවුන් බෝගම්බර සහ පල්ලන්සේන බන්ධනාගාර වලට යොමු කිරීමට තීරණය කර තිබේ.

දැනටමත් නිදන්ගත රෝග ඇති පිරිස් හා වියපත් පුද්ගලයන් වෙනම රැුදවීමටද පියවර ගෙන තිබේ.

එම බන්ධනාගාරයේ සිරකරුවන් ලියා පදිංචි කරන කාන්තා නිලධාරිනියක්, කාන්තා සිරකාරියන් තිදෙනෙකු පිරිමි සිරකරුවන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී තිබිණි.

මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිරකරුවන් පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් නිශ්චිතව හෙලි කර ගැනීමට හැකි වී නැත.

මෙම් තත්වය සමගින් වැලිකඩ බන්ධනාගාරයේ රැුදවියන් අධික ලෙස බියපත්ව සිටින්නේ යයිද වාර්තා වෙයි.

16,527 views

5 Comments to “වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..”

  1. Saman says:

    වැඩ කරන අපේ විරුවා… ඕයේ… 😂

    • අජානීය ඉස්කූටර් says:

      මහින්ද මහත්තයාව ගෙදර යවාපු තක්කඩියන් වටේ ඉන්න කම් ගෝඨාභය මහත්තයට රට කරන්න බෑ. ගෝඨාභය මහත්තයව ජනාධිපති කරන්නත් මුලපටන් වැඩ කරපු අයව කපන එක දැන් වෙන්නෙ. ඒ සේරම කරන්නේ අර තක්කඩි පිරිසයි

  2. පොට්ටුවේ පඩිතකා ලියමි says:

    එච්චරයි අඩු වෙලා තිබ්බේ. එකත් හරි.
    අපේ දුමින්ද සිල්වා මැති තුමාටත් නිදන් ගත රෝග බහුලයි.
    එතුමාගේ සුළු වැරදිවලට සමාව දී මේ අවස්ථාවේ නිදහස ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  3. Modaya says:

    In the past PCR were conducted to identify corona infected to hospitalize and cure them and by that pandemic was controlled. Now the shortcut method is to conduct PCR after death. Government will earn the World record on this method.

  4. sunimal says:

    මේ අයට රජයෙන් හෙළ ඔසු ලබා දිය යුතුය. සැම දිනකම උදයට හෙළ ඔසු කැද වේලක් ලබා දෙන්න ලොකු පිනක්.

Main News