වැලිකඩ බන්ධනාගාරයේ තවත් 22කට කොරෝනා.. කුස්සි පාටියේ අයෙකුටද කොරෝනා..

November 7, 2020 at 6:21 am | lanka C news
වැලිකඩ බන්ධනාගාරයේ තවත් 22කට කොරෝනා.. කුස්සි පාටියේ අයෙකුටද කොරෝනා..

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තවත් රැදවියන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

එම ආසාදිතයන්ගේ 22 දෙනෙක් කාන්තා රැදවියන්ය.

මේ සමගම වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 30 දක්වා ඉහළ යයි.

එම බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි කටයුතු සදහා යොදවා සිටි රැදවියෙකුද කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් ඊයේ දිනයේ රැදවියන්ගේ දිවා ආහාරය ලබා දීම පැය කිහිපයකින් ප්‍රමාද වී තිබේ.

9,540 views

4 Comments to “වැලිකඩ බන්ධනාගාරයේ තවත් 22කට කොරෝනා.. කුස්සි පාටියේ අයෙකුටද කොරෝනා..”

  1. අජානීය ඉස්කූටර් says:

    කොරෝනාව ගරානාවක් කරගෙන තියෙන්නෙ සමහරු. ආර්ථික සංවර්ධනයයි , දරිද්‍රතාවය තුරන්කිරීමයි මුවාවෙන් කොරෝනා ටිකක් වැඩි වෙනකම් ඉඳලා කොරෝනා වසංගතය හිඟන්නගේ තුවාලය කරගන්නයි ද්විත්ව පුරවැසියන් හදන්නෙ.. තත්වය හුඟක්ම නරක් උනොත් ඇමෙරිකාවට යන්න බැරියැ

    • Mr එච් යු කන්නා says:

      එකෙන්ම. හදිස්සියේ හයිවේ වලට සල්ලි වෙන් කරගත්තේ මොකද ? ආයෝජන පමණයි ණය නැහැ කිව්ව ජනාධිපතිත් දැන් චීනෙ පස්සේ යනවා අය වැය පියවන්න. නොවැම්බර් 14 එන අයවයෙන් බලාගන්න පුළුවන් තත්වේ. බල්මුකෝ එතකොට මේකේ කොටන බයෝන්ට බඩ එළියේ යන හැටි.

  2. Lanka says:

    කතාකරන්න ලැජ්ජ වෙන්න එපා…
    ———————
    කතා කරන්න, රනිල් ට. රනිල්ගේ විදේශ සම්බන්ධතා පාවිච්චි කරන්න. පිටරටවලින් උදව්ගන්න ඊට වඩා සුදුස්සෙක් ලංකාවෙ නෑ. කතා කරන්න ලැජ්ජ වෙන්න එපා.
    කතාකරන්න, අනුර දිසානායකට. කෘෂි ආර්ථිකය පණ පොවල වැව් ටික පෝෂනය කරල මිනිස්සුන්ගෙ බඩ වියත සරිකරන වැඩේ බාරදෙන්න.
    කතාකරන්න, පාඨලීට. බොරතෙල් මිලත් එක්ක ලැබන වාසිය අරගෙන බලශක්ති වැඩපිළිවෙලක් හදල ජීවන බර අඩුකරන සටනට උදව්ගන්න.
    කතාකරන්න, මංගලට. ආර්ථික විශේෂඥයෙක් නොවුනට බන්දුලට වඩා හොඳට පාලනය කරනවා ෂුවර්. බාරදෙන්න ආර්ථික මුදල් පැත්ත.
    නාමල් ට, හරීන් ට, නලින්ද ජයතිස්සල ට, සංගල ට, මහේලල ට, සුසන්තිකාල ට කතාකරල කියන්න රට හදන්න තරුණ ප්‍රජාව බලමූළු ගන්වන්න කියල.
    කතා කරන්න, කරු ජයසූරියට. ඔහුගෙන් ලොකු වැඩක් ගන්න. ලඟින්ම තියාගන්න.
    කතා කරන්න, සුමන්තිරන්ට. නීතියත් භෞතික විද්‍යාවත් දෙකම දන්න ඔහු ලවා විදෙස් ගතව ඉන්න දමිළ බුද්ධිමතුන්ගෙ දැනුම අත්දැකීම් රටට එකතු කර ගන්න. මං දන්න විදිහට විදෙස්ගතව ලංකාවෙ දමිළ ස්කොලර්ස්ලා දහ දාහකට වැඩිය ඉන්නවා.
    කතාකරන්න, අයිය මහින්ද ට. ආගමික නායකයො එකතුකරල සහජීවනය හදල රටේ අධ්‍යාත්මික ගුණ සුවඳ වපුරන්න දෙන්න.
    කතාකරන්න බැසිල්ට. මුදල් අමාත්‍යාංශයෙ අනුමැතිය යටතෙ අත්‍යාවශ්‍ය සේවා සපයන්න බාරදෙන්න.
    කතාකරන්න සරත් ෆොන්සේකට, කමල්ට, ශවේන්ද්‍රට කියන්න රටේ දියුණුවට ඉන්න හොඳම බලකාය, මේ වෙලාවට අවශ්‍ය විදියට ප්‍රතිසංවිධානය කරන්න බාර දෙන්න.
    හොඳ මිනිහෙක් ගැන හිතල මාධ්‍ය බාරදෙන්න. ඒක ඉතා වැදගත්. මේ වෙලාවෙ මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා. ඒක ඉතාම වැදගත්. පොසිටිව් විදියට මිනිස්සුන්ට හිතන්න සලස්වන්න. සමාජ මාධ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්න. වැඩේ හොඳට යනව නම් ඒවායින් උදව් ලැබෙයි. කරපු උදව්වලට හරියන්න කොරෝන වලින් ඇති තරම් දිලිත්ට හම්බ කරගන්න දුන්නනෙ. දැන් ඇති. ගූ දෙරණයි, කුඩුු හිරු යි සයිලන්ට් කරන්න. උන් තමා මේ රටේ විනාශෙ.
    හොඳ සෞඛ්‍ය ඇමතිකෙනෙක් දාගන්න. ජාසිංහ මහත්තය හරි කමක් නෑ. මුට්ටි ගඟේ දාන, මූූදට බිලිවෙන්න යන විහිලු සපයන්නො නැතුව. නැත්තං අර දොස්තර රමේෂ් පතිරණට බාරදෙන්න. අලුත් හින්ද බැහැල කරයි වැඩේ. විෂයත් දන්නවනෙ.
    මිනිස්සු නැතුව නෙමේ මිස්ටර්..
    ———————–
    මිනිස්සු නැතුව නෙමේ මිස්ටර්, මිනිස්සු වෙනස් අරමුණු පස්සේ ඉන්නෙ හැමෝම. ඒව වෙනස් කරන්න පාලකයා දක්ෂ වෙන්න ඔ්නෙ.

    • කාන්තාර පළඟැටියා says:

      ඔහේ ලොකු ඉබ්බෙක් ගාවට ගිහින් පිහාටු ඉල්ල ඉල්ල ඉන්නවකො ඔයවගේ දේවල් කල්පනා කර කර ඉන්නෙ නැතිව

Main News