වැලිකඩ බසයට නගින්න මොහොතකට පෙර ජයන්ත ලේ රත්වෙන කතාවක් කියා දිවුරයි..

September 29, 2016 at 10:40 am | lanka C news
වැලිකඩ බසයට නගින්න මොහොතකට පෙර ජයන්ත ලේ රත්වෙන කතාවක් කියා දිවුරයි..

අපව සිරගත කරාවි, අපේ ජීවිත පවා බිල්ලට ගනීවි නමුත් මේ රට පාවාදීමට එරෙහිව අපි දිවිහිමියෙන් සටන් වදිනවා
– ජානිපෙ නියොජ්‍ය නායක, ජයන්ත සමරවීර

තමන් සිරගත කරනු ලැබූවත්, අවසන ජීවිතය බිලිගනු ලැබූවත් මාතෘභූමිය බටහිරට සහ ඉන්දියාවට යටත් කිරීමට එරෙහිව සටන් වැදීම අත් නොහරින බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කළේය.

පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය විසින් ඊයේ (28) අත් අඩංගුවට ගැනීමට පෙර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජයන්ත සමරවීර මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී සමරවීර මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය පහත් දැක්වේ.

”ඔබ දන්නවා, මේ යහපාලන ආණ්ඩුව අපේ රට බටහිරටත් ඉන්දියාවටත් පාවා දෙමින් තිබෙන බව එහි එක් පියවරක් වන ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය ඉන්දියාවට මුළුමනින්ම පාවා දෙන ETCA ගිවිසුම අත්සන් කිරීමට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (27) සිදු වුණා. ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යවරයි වන නිර්මලා සීතාරාමන් මහත්මිය හා ශ්‍රී ලංකා රජය අතරයි එම සාකච්ඡාව සිදු වුණේ. ජාතික නිදහස් පෙරමුණ මේ රට පාවාදෙන යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමයට එරෙහිව ඉදිරියෙන්ම සිට සටන් වදින දේශපාලන පක්ෂයක්. සීතාරාමන් මහත්මිය හා යහපාලන ආණ්ඩුව අතර රහසිගතව පැවැති ETCA ගිවිසුම අත්සන් කිරීමට අදාළ තීරණාත්මක සාකච්ඡාව අපි මේ රටට හෙළිදරව් කළේ ඊයේ (27) කොටුව දුම්රියපොළ අසල විරෝධතාවක් පවත්වමින් අපි එයට නායකත්වය දුන්නා.

මේ වන විට ETCA ගිවිසුමට එරෙහිව අපි රට පුරා ජනතාව දැනුම්වත් කරමින් ඉන්නවා. ඒ වගේම රණවිරු දඩයමට එරෙහිව , ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට එරෙහිව අපි මේ රටේ දේශමාමක ජන බලවේග ඒකරාශි කරමින් සිටිනවාත ඒ නිසා දැන් මේ ආණ්ඩුව උත්සාහ කරනවා අභූත චෝදනා එල්ල කර අපව අත්අඩංගුවට ගැනීමට, සිරගත කිරීමට පීඩාවට පක් කිරීමට. යහපාලන ආණ්ඩුවේ සිටින කම්බ හොරුන් යහතින් සිටියදී තමයි ඔවුන්ට හීලෑ නොවන අපව සිරගත කිරීමට උත්සාහ කරන්නේ.

අපව සිරගත කරවා, අපේ ජීවිත පවා බිලි ගනීවි නමුත් මේ රට බටහිරට හා ඉන්දියාවට යටත් කිරීමට එරෙහිව අපි දිවි හිමියෙන් කැව වන බව සපථ කරනවා”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරන

69 views

8 Comments to “වැලිකඩ බසයට නගින්න මොහොතකට පෙර ජයන්ත ලේ රත්වෙන කතාවක් කියා දිවුරයි..”

  1. nima says:

    come on unp

    • Champa says:

      දන්නවද උලමො, අවසිහියෙන් දේශපාලනික විරුද්ධවාදීන්ගෙන් පලිගන්න රනිල්, ප්‍රකෘති සිහිය ආපු දවසට හරාකිරි කරගන්නවා.

  2. Champa says:

    Jayantha, සටන්කාමීන්ව මාංචු දාලා නතර කරන්න බැහැ කියන එකට ඔබ හොඳ ආදර්ශයක් දුන්න. පටන් ගත්ත ගමන අපි යනවා. මොන හේතුවක් නිසාවත් නවත්තන්නේ නැහැ. ඔබ කතා කරපු වචන වලින් ඔබේ ශක්තිය ආණ්ඩුවට පෙන්නුවා. මිනිස්සුන්ටත් ශක්තියක් දුන්නා. ආණ්ඩුව ඔබව හිරේ දැම්මේ දුර්වල කරන්න නම්, ඔබ එලියට එන්නේ ගියාට වඩා ලොකු ශක්තියකින් කියන එක අපි දන්නවා.

    You are much stronger than you think. We all are with you. Sad, but you have to fight through bad days to let the good days come. You are facing imprisonment not because you did something wrong but because you have done something right by standing by your country! Stay strong! ජයන්ත ඔබට දළදා සමිඳු පිහිටයි.

    • SS says:

      සටන්කාමීන් නොදකින ඔබ wanna unta mun සටන්කාමීන් .me රටේ බිහි වීමට පෙරුම් පුරමින් සිටි සමාජවාදී ආණ්ඩුව පාවා di මහින්දගේ මුදලට ආත්මය පාවා dun mun හොරිකඩයා ya

      • Champa says:

        SS

        රටේ බිහි වීමට පෙරුම් පුරමින් සිටි සමාජවාදී ආණ්ඩුව??? වෙන කවුද පාවා දුන්නේ, අනුර කුමාර දිසානායක හොරිකඩයා (thank you for the word) මිසක්. අපූරු සමාජවාදියා අන්න, රනිල්ගේ ඔඩොක්කු කුක්කෙක් වෙලා ඉන්නවා.

        තමන්ගේම විප්ලවවාදී, සමාජවාදී නායකයා මරපු පක්ෂයයි, 60,000ක් තමන්ගේ මිනිස්සු මරපු වධකයාවයි ආරක්ෂා කරනවා. ඒකටද සමාජවාදය කියන්නේ? එහෙම සම්පූර්ණයෙන්ම කණපිට හැරිලා වෙනස් වෙන්න පුලුවන්ද සමාජවාදීන්ට? එහෙනම් විමලුත් වෙනස් වෙන්න එපෑයැ.

        විමල් හරි තීරණේ හරි වෙලාවට ගත්ත. විමල් තමන් ගැන කරන අවලාද වලට මේ දවස්වල උත්තර දෙනවා මම දැක්ක. සමාජවාදයේ ඇත්ත කතාවත් “දන්නේ නැති මිනිස්සුන්ට” පැහැදිලි කරයි කියලා මම හිතනවා.

    • nanda says:

      Ane Champo, mun wage evunta satankaameen keema aththa satankameenta karana apahasayak.

  3. Piyadasa Yalagala says:

    MS of president has to realized one day that you have face voters of Sri lanka.
    By illegally arrest and detain members of Parliament who not your party is political discrimination by
    “good governances”
    I my own name strongly protest your action of MP arrest by wrongful manner

  4. N .Wimaladasa says:

    MP for National Freedom Front is represtantive has make right line of National politics that against
    ETCA between Sri lanka and India.
    I think ETCA timely not suitable to sing .
    Why FTA between Sri lanak and India has to NOT that review by according to WTO rules .
    Our nation fail to do so?
    We have first do that,
    MP has rise their voice is national interest ,
    He could release as soon as possible

Main News