වැලිකඩ, මැගසින් කොරෝනා ආසාදිත රැදවියන්ට දේශීය ඖෂධ ප‍්‍රතිකාරය සාර්ථකයි..

December 13, 2020 at 10:28 pm | lanka C news
වැලිකඩ, මැගසින් කොරෝනා ආසාදිත රැදවියන්ට දේශීය ඖෂධ ප‍්‍රතිකාරය සාර්ථකයි..

වැලිකඩ හා මැගසින් බන්ධනාගාර වල කොරෝනා ආසාදිතයන්ට ආයුර්වේද ඖෂධ ලබාදීම මගින් එම බන්ධනාගාරවල වෛරසය අඩුවී ඇතැයි රජවේ ආයුර්වේද වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපති ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා සඳහන් කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේශීය වෛද්‍ය ප්‍රතිකාර මේ වන විටත් බොරැල්ල ආයුර්වේද රෝහල මගින් ලබාදෙන බවයි.

එමෙන්ම පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේද කොරෝනා රෝගීන් සඳහා ආයුර්වේද චිකිත්සක කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් කොරෝනා රෝගය සුව කිරීමට දැනට ඉදිරිපත් කර ඇති දේශීය ඖෂධ පිළිබඳ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුධ දෙපාර්තමේන්තුවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් නිසි නියාමනයක් අධීක්ෂණයක් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

නව ඖෂධ අනිවාර්යයෙන්ම රසායනාගාර පරීක්ෂාවක්, සත්ව පරීක්ෂාවක් සහ නිරෝගී වැඩිහිටියෙකුට ලබා දී පරීක්ෂාවකින් පසු ලැබෙන නිර්දේශ මත රෝගීන්ට ලබාදීම සිදුකළ යුතු බවත් ඔහු පැවසීය.

සාදික්කා අධි මාත්‍රාවක් භාවිතා කළහොත් එය විෂ සහිත වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

එනිසා එවැනි ඖෂධ හිතුමනාපෙට භාවිතයට නොගන්නා ලෙසත් අධිමාත්‍රාවන් ශරීරයට අහිතකර බවත් ඔහු අවධාරණය කරයි.

52,458 views

11 Comments to “වැලිකඩ, මැගසින් කොරෝනා ආසාදිත රැදවියන්ට දේශීය ඖෂධ ප‍්‍රතිකාරය සාර්ථකයි..”

  1. sri says:

    oya hema ekama kiyana sadikka adi matrawa kiyanne kocharada??, mulu behetema tiyenne sadikka vitarak unath otana tiyenne mesa hendi 4i, etin eken mokadda wenne??

    • LANKAPUTHRA says:

      හරියටම හරි.
      මුන්ට තියෙන්නේ ටනිකරම ඉරිසියාව.
      හොඳවෙනවද නැත්ද කියල බලන්නේ නැහැ.

  2. Dubba says:

    ආයුර්වේද වෙදකමත් දේශීය වෙදකමත් එකක් කියලා දේශීය එකට ලැබුණු පිළිගැනීම හොරකම් කරන්න ආයුර්වේද කට්ටිය ලැහැස්ති වෙනවා.

    මුන් තමයි ඩොක්ටර් ඩොක්ටර් කියල කියව ගන්න හදන්නේ මිනිස්සුන්ට කියලා

  3. පොට්ටුවේ පඩිතකය says:

    ” නව ඖෂධ අනිවාර්යයෙන්ම රසායනාගාර පරීක්ෂාවක්, සත්ව පරීක්ෂාවක් සහ නිරෝගී වැඩිහිටියෙකුට ලබා දී පරීක්ෂාවකින් පසු..” හෆොයි ඒ කියන්නේ රිමාන්ඩ් එකේ ඉන්න කොරෝනා ලෙඩ්ඩු සත්තුද ?
    😁😁. අපි හිතුවේ සිරිසේන විතරයි මෙහෙම ආතල් දුන්නේ කියලා. ඒකත් වැරදි යි ද?

    • Nimal says:

      ඇයි බං සිරා ගියාට උඹලා තාම ඉන්නවන් ආතල් දෙන්ට. වැක්සින් ඉස්සෙල්ලාම දෙන්නත් සත්තුන්ට නේද කුහකයෝ. මෙතන වැඩිහිටියෙක්ට දෙන්ට කියන්නේ පුුතිශක්තිය අඩු කෙනෙත්ට ටෙස්ටි කරන්ට කියන එක අයියෝ මොලේ ගොමද?

  4. Gamunu says:

    Sadikka is commonly known as NUTMEG and is used worldwide in spices, chocolates, and even in butter. So it is not lethal as these guys trying to portray.

  5. මං මේ දන්නෙ නැති හින්දයි අහන්නේ.
    මේ වයිරස ආසාදිතයන් සීයට අනූ නමයට වැඩිය කොහොමත් ස්වාභාවික ශරීර ප්‍රතිශක්තියෙන් හොඳ වෙනවා. දැන් මේ වෙද මහත්තයාගේ පැණියෙන් මේ ප්‍රතිශතය කීයකින් වෙනස් වෙනවාද?

    • ranjan says:

      math me danne nathi hindayi ahanne .me nikamma hoda wena ledeta prathi sakthi beheth hoyanne mokatada

    • Nimal says:

      එහෙනමි ඔබ බය වෙන්ට ඔීනි නෑනේ සාමන්‍ය විදිය ඉන්ට හැදුනෝ හොද වෙයිනේ

    • කුඹුක්කණ් says:

      නිකං ම හොඳ වෙන ලෙඩේට රට ලොක් ඩවුන් කරන්නෙ ඇයි බං

  6. ගරසරප says:

    මොන බෙහෙත් ගත්තත් අතුරු ආභාද එමටයි . අඩුම තරමේ ඒ මොනවාද කියල තේරුම් ගන්න තරමට මේක සංවර්ධනය වෙන්න ඕන.

Main News