වැලිකඩ සිටින විමල්ගෙන් තෛපොංගල් සුබ පැතුම්..

January 14, 2017 at 8:02 am | lanka C news
වැලිකඩ සිටින විමල්ගෙන් තෛපොංගල් සුබ පැතුම්..

රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද දිනට යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවඩුයක් නිකුත් කර ඇත.

මේ එම පණිවුඩයයි.

අඳුරට යළි ඉඩ නොදෙමුෟ ජාතික සමගිය සුරකිමු..

ගොවිතැනින් සරු අස්වැන්නක් ලබා ගැනීමට දායක වූ හිරු දෙවිඳුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීම පිණිස ආරම්භ වූ බවට පුරාවෘත්තයන්හි සඳහන් වන හින්දු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරනු ලබන තෛපොන්ගල් උත්සවය අදට(14) යෙදී තිබේ.

හින්දු බැතිමතුන්ට තෛපොන්ගල් දිනයෙන් පසුව එළඹෙන්නේ නව වසරකි. නව වසර උදාවත් සමඟ නව බලාපොරොත්තු, සුබ කටයුතු සඵලකර ගැනීමට අදිටන් කර ගන්නා ලාංකේය හින්දු බැතිමතුනට ප‍්‍රථම කොටම අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම් එක්කර සිටීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

2009න් පසුව යුද්ධයෙන් තුවාල වූ දකුණේද උතුරේද සිත් යා කරමින් සැබෑ සංහිඳියාවක් රට තුළ නිර්මාණය වෙමින් තිබිණි. පටු බෙදීම් රේඛා අතහැර අපි ශ‍්‍රී ලාංකීය ජාතිය ලෙස ජාතික සමගියෙන් වෙළෙමින් සිටියෙමු. එනමුදු ‘වෙනසක්’ නාමයෙන් අද රට තුළ ව්‍යාජ සංහිඳියාවකුත් එමගින් ජන කොටස් අතර පසමිතුරුභාවයකුත් නිර්මාණයකර තිබේ. මේ සියලූ තත්වයන් ගැඹුරින් තේරුම් ගැනීමට මේ නව වසර උදාව ඉතාමත් යෝග්‍යය. එහෙයින් යළි අඳුරු වාතාවරණයකට ඉඩ නොතබා සියලූ පසමිතුරු භාවයන් අතහැර ජාතික සමඟිය සුරැකීමට මේ සුබ දිනයේ ලාංකේය හින්දු බැතිමතුන් අදිටන් කර ගත යුතුව තිබේග

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

46 views
Main News