වැලිකඩ සිට ජන සටනේ.. හිරේ ඉදන් විමල් පොතක් ලියයි…

January 18, 2017 at 5:30 pm | lanka C news
වැලිකඩ සිට ජන සටනේ.. හිරේ ඉදන් විමල් පොතක් ලියයි…

පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව සිටියදී රජයේ වාහන අවභාවිතයට අනුබල දුන්නේ යයි රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිර මැදිරියේ සිටම ග්‍රන්ථයක්‌ රචනා කරමින් සිටින බව වාර්තා වෙයි.

දිනපතා රාත‍්‍රි 12.00 පමණ වන තෙක් මෙම කටයුත්තේ නිරතවන බවත් දැනටමත් කෘතියේ පිටු 24ක් පමණ ලියා අවසන් බවත් ඉදිරි දිනක එය මුද්‍රණය කර ජනගත කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත‍්‍රිවරයා සදහන් කර ඇත.

විමල් වීරවංශ මහතා මින් පෙරදීද කෘතීන් ගණනාවක් රචනා කර ඇත.

0 views

8 Comments to “වැලිකඩ සිට ජන සටනේ.. හිරේ ඉදන් විමල් පොතක් ලියයි…”

  1. somapala says:

    ඔබ තුමාට දේව ආශීර්වාධය ලැබේවා.

  2. kamasiri Kuruwita says:

    ජනතා හද ගැස්ම ඔබ සමගයි. මල්වත්තෙට ඕව තේරෙන්නේ නැහැ නුගත්කම නිසා.

  3. SARADIEL says:

    මෙලෙච්චේද මිනීමරු LTTE කළු කොටි නිදහසේ .. විල්පත්තුව විනාශ කරන මුස්ලිම් ඇමතිට නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?සම්බන්දන්ගේ නෑදෑයෙක් ගෙන්වූ හොර බඩු වලට විරුද්ධව නීතිමය පියවර නොගන්නේ මන්ද ?
    අවනීතිය රජයන අවදානම් යුගයකට අප වේගයෙන් පා නගමින් සිටිමු
    ඒකාබද්ධ විපක්ෂයේ දේශහිතෙෂි මන්ත්‍රීවරු සිරගෙදර …ලැජ්ජයි කැතයි යහපාලනය
    මොකද්ද මේ දේශපාලන පලිගැනීම් …වත්මන් රෙජීමයේ සොරකම් කරන මැති ඇමතිවරු සුරසැප විදිමින් නිදහසේ සිටිනවා
    මේකද යහපාලනයේ සාධාරණත්වය ? මොකද්ද මේ අවනීතිය ?
    කරුණාකර සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ..
    විමල් වීරවංශ මහතා වහාම නිදහස් කරනු ..යහපාලනේ දේශපාලන පලි ගැනීම් අපි හෙලා දකිමු

  4. CAT says:

    හොද ක්‍රියාවක් ..ඔබතුමාගේ ග්‍රන්ථය ඉක්මනින් ලියා නිම කිරීමට හැකිවේවා …එය අගය කල යුතු දෙයක්
    ඉක්මනින් නිදහස් ලැබේවා ..ඔබතුමාට ජයවේවා

  5. jayamal says:

    මේක හොඳ ආරංචියක්. විමල් වීරවංශ වීරයාට ජයවේවා! ජනතාව ඔබ සමඟයි!

    • Alapaluwa says:

      මෙම ආරංචිය දුටු මට ඇතිවුණු සතුට වගේම ජයමාල් ඔබව දුටු සතුටද එයම විය.පැමිණීම දැකීම පුදුමාකාර සතුටකි.

      • jayamal says:

        ආලපාලු මිතුර, මටද ඔබ දැකීම සතුටකි. මගේ සුබපැතුම් 2017 වසරට. මව්බිම ගැන වගේම විපරමින් ඉන්නේ දේශප්‍රේමී මිතුරන් ගැනත්. සයුමි ත් විමල් ගේ ‘අත්තටු ඇති හිත්’ වලට ඇවිත් හිටියා. ලක්මව හිනැහෙන දිනයේදී දේශය වෙනුවෙන් හදවත් ගැහෙන හැමෝම එක තැනකදී ඉබේම මුන ගැසේවි! මව්බිමට ජයෙන් ජයම වේවා!

    • sayumi says:

      මුදලට රට විකුණන්නේ- විරුවන් සිරගෙට ලන්නේ
      නිවටුන් බව දැනගන්නේ – එලවන්නට අපි එන්නේ !

      විමල් වීරවංශ වීරයාට ජයෙන් ජයම වේවා!

Main News