වැලිකඩ හිටියත් යුක්තිය වෙනුවෙන්මයි.. ‘සයිටම්’ කලහය ගැන විමල්ගේ මල් විසිරෙන මතය මෙන්න.. [Video]

February 9, 2017 at 11:04 pm | lanka C news
වැලිකඩ හිටියත් යුක්තිය වෙනුවෙන්මයි.. ‘සයිටම්’ කලහය ගැන විමල්ගේ මල් විසිරෙන මතය මෙන්න.. [Video]

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය(SAITM MBBS) සමත් ශිෂ්‍යයා, විදේශ රටක පිිළිගත් විශ්‍ව විද්‍යයාලයක වෛද්‍ය උපාධිය සමත් ශිෂ්‍යයකු හා සමාන නොකොට, නිදහස් අධ්‍යාපනය යටතේ රජයේ වෛද්‍ය විද්‍යාලයක උපාධිය(MBBS) සමත් ශිෂ්‍යයකු හා සමාන කිරීම “සයිටම් ප්‍රශ්නයේදී ” සිදුකරඇති බරපතලම වරද බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(09) පාර්ලිමේන්තුවේදී පැවති ඔෟෂධ අධිකාරී නියාමන පනත පිළිබඳව විවාදයේදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නය මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇටමිදුළු තුළට කාවැදී ඇති ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් බවත් ඊට විසඳුම් සෙවිය යුත්තේ 2020දී බලය ලබාගැනීමේ පටු දේශපාලන න්‍යාය පත්‍රයක් කරේ තබාගෙන නොවන බවත් මෙහිදී වීරවංශ මහතා සඳහන් කලේය.

මේ ප්‍රශ්නයට විසදුම් නොදී නැවත ත්‍රිමාවිතානලා බිහිකරන යුගයක් නිර්මාණය කිරීමට දායක නොවන ලෙස අවධාරණය කළ විමල් වීරවංශ මහතා දෙපාර්ශ්වයටම පිළිගතහැකි විසඳුමකට ආණ්ඩුව යා යුතු බව පෙන්වා දුන්නේය.

– අනුරුද්ද බණ්ඩාර

177 views
Main News