වැලිකන්ද ප්රාදේශිය ලේකම්ට මරණිය තර්ජනය කරමින් මින්පසු ප්රදේශයේ පානිය ජල අඩුපාඩු කතා නොකරන ලෙස දන්වයි..
April 10, 2017 at 2:10 pm | lanka C news
පසුගිය දා පැවති වැලිකන්ද ප්රාදේශිය සම්බධිකරණ කමිටු රැස්වීමේදි එම ප්රදේශයේ පානිය ජල යෝජනා ක්රමයේ පවතින අඩුපාඩු සම්බන්ධව වැලිකන්ද ප්රාදේශිය මහා ලේකම් හර්ෂ බණ්ඩාර මහතා විසින් පෙන්වා දෙන ලදි.
ඉන්පසු වැලිකන්ද ප්රාදේශිය මහා ලේකම් හර්ෂ බණ්ඩාර මහතා වෙත නිර්නාමික දුරකතන ඇමතුම් මගින් වැලිකන්ද පානිය ජල යෝජනා ක්රමයේ පවතින අඩුපාඩු සම්බන්ධව මින් ඉදිරියට කතා නොකරන ලෙසත්, ඒ සම්බන්ධව කතා කලොත් මරා දමන බවටත් මරණිය තර්ජන එල්ල කොට ඇත.
මේ සම්බන්ධයෙන් වැලිකන්ද ප්රාදේශිය මහා ලේකම් හර්ෂ බණ්ඩාර මහතා වැලිකන්ද පොලීසියට ඉකුත් 8 වෙනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. එමෙන්ම මරණිය තර්ජන තමා වෙත එල්ල කල දුරකතන අංක ද පොලිසිය වෙත ඔහු විසින් ලබාදි ඇත.
පසුගිය කාලයේදී පොලොන්නරුව වැලිකන්ද ප්රාදේශිය ලේකම් කොට්ටාශයේ ජනතාවගේ මූලික ඉල්ලීමක් වූයේ අවම වශයෙන් තමන්ට පානිය ජලය ලබාදීමට කටයුතු කරන ලෙසයි,
ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පසුගිය වසරේ සැප්තැම්බර් 5 දින රජයේ ඉහළම නිලධාරින්ද සමඟ පොලොන්නරුව වැලිකන්ද ප්රාදේශිය ලේකම් කොට්ටාශයේ ජනතාවගේ පානිය ජල ප්රශ්නය සොයා බලා කඩිනමින් ඒ සඳහා විසඳුම් ලබාදීමට එහිදි එකග විය. ඒ අනුව පසුගිය දා රුපියල් කෝටි 6 ක් වියදම් කරමින් අඩුපාඩුකම් රැසක් සහිත පානිය ජල යෝජනා ක්රමයක් ආරම්භ කරන ලදි.
අනිවාර්යෙන්ම දුවගේ ශෝබන වැඩ ගැන විවේචනය වන නිසා බෑනා ගෙන් තර්ජනය එනවා ඇති.
අපේ රාජ කුමාරිකාව ලොකු ජල සැපයුමක් නොවේ සුලු දිය දහරාවක් සැපයූවත් ඒක ඒක සුපිරිසිදුයි. අඩු පාඩු කිව්වොත් මරනවා !