වැලිගම නිවසක ගින්නක්.. දැරියක් මරුට..

December 1, 2021 at 8:40 am | lanka C news
වැලිගම නිවසක ගින්නක්.. දැරියක් මරුට..

ඊයේ රාත‍්‍රියේ වැලිගම වැවේගෙදරවත්ත නිවසක හටගත් ගින්නකින් අට හැවිරිදි දැරියක මියගොස් ඇත.

ගින්න හේතුවෙන් නිවසේ වහළයට දැඩි හානි වී ඇති අතර නිවසේ සිටි දැරියගේ මිත්තනිය හා සහෝදරිය එළිපයට පැන දිවි බේරාගෙන තිබේ.

ගිනි නිවන අංශ විසින් නිවසේ ගින්න පාලනය කර ඇති බව වැලිගම පොලිසිය කියයි.

මෙය ගෑස් කාන්දුවකින් හටගත් ගින්නක් නොවන බවත් ගෑස් සිලින්ඩරයට හෝ උදුනට කිසිදු හානියක් සිදුව නැති බවත් හෙලිව ඇත.

25,382 views

3 Comments to “වැලිගම නිවසක ගින්නක්.. දැරියක් මරුට..”

  1. Silva says:

    ගෑස් ටැංකිය පුපුරලා කියලා සජිත් ගොබ්බයා කියාවි

  2. Lankikaya says:

    ගෑස් පිපිරීම් කියන්නෙ ගෑස් සිලින්ඩරේ පුපුරනවා කියන එක නෙමේ… ඒකවත් දන්නෙ නැති වුන්ද ලංකාව පාලනය කරන්නේ?

Main News