වැලිසර නාවුක හමුදා නිලධාරියෙකු මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු කරයි..

April 26, 2020 at 2:10 pm | lanka C news
වැලිසර නාවුක හමුදා නිලධාරියෙකු මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු කරයි..

වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු ඊයේ රාත්‍රියේ දී මියගොස් තිබේ.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 18 වනදා රෝහල්ගත කළ අයෙකි.

මෙම නිලධාරියාට වකුගඩු රෝගයක් කලක් තිස්සේ තිබී ඇති අතර ඔහුට මී උණ රෝගය වැලඳී ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී ඇත.

නමුත් සිදුකරන පරීක්ෂණ අනුව හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවයි.

කෙසේ නමුත් මෙම නිලධාරියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාදනය වූ නිලධාරියෙකු සිටීම නිසා මියගිය නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතීන්ට අනුව සිදු කරන ලෙසද අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නියෝග කර ඇත.

251 views

22 Comments to “වැලිසර නාවුක හමුදා නිලධාරියෙකු මිය යයි.. කොරෝනා සේ සලකා අවසන් කටයුතු කරයි..”

  1. Alapaluwa says:

    කෝ මේ ව්‍යිරස් මල්ලි නොහොත් මුදියන්සේ ? අන්න උබ ඔය කියන විදියට curfew අයින් කළහොත් වෙනදේය.හොඳට ඇස් දෙක ඇරලා බලපන් හොදට කියවලා බලපන් ඕක තමයි මම කිවේ තවමත් අප අතර ඉන්නවා අර උරුලෑව වගේ සතුන් යන යන තැන හත්පොළේ ගාන.ඉතින් කොහොමද මේ curfew නැති කරන්නේ?

  2. sena says:

    ඔබට ආමා මහානිවන්සුව අත්පත්වේවා

  3. Thilak says:

    Niwadudala kumburak weda karada. Mee una heddenne kumburu wedakakota kiyalathamai api ahala thiyenne.

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News