වැලිසර නාවුක හමුදා පොකුර අවසන්.. සුවවීම් 100%.. තවත් කිසිවෙකු රෝහලේ නෑ..

July 21, 2020 at 8:02 am | lanka C news
වැලිසර නාවුක හමුදා පොකුර අවසන්.. සුවවීම් 100%.. තවත් කිසිවෙකු රෝහලේ නෑ..

වැලිසර නාවික හමුදා කඳවුර මූලික කරගෙන බිහිවූ සියලු කොරෝනා ආසාදිතයන් පූර්ණ සුවය ලබා තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිසර නාවික හමුදා පොකුරෙන් හමුදා සාමාජිකයන් 906 දෙනකු කොරෝනා ආසාදිත තත්ත්වයට පත්වූ බවයි.

ඔවුන් සියලු දෙනාම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වල පිටව ගොස් තිබේ.

ඔවුන් කිසිවකු හෝ දැඩි සත්කාර ඒකක වලට ඇතුළු කිරීමත් සිදු වී නැත. කිසිම සෙබලෙකු මිය ගියේද නැත.

264 views
Main News