වැලි කැනීම් නිසා ගොවි පවුල් 1500ක් අනාථයි.. කුඹුරු අක්කර 2500 ක් විනාශයි..

August 27, 2020 at 2:08 am | lanka C news
වැලි කැනීම් නිසා ගොවි පවුල් 1500ක් අනාථයි.. කුඹුරු අක්කර 2500 ක් විනාශයි..

කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේ සිදු කරන රහසිගත නීතිවිරෝධී වැලි ජාවාරම් හේතුවෙන් ප්‍රදදේශයේ ගොවි පවුල් 1500 කට අයත් කුඹුරු අක්කර 2500 ක් පමණ විනාශ වීමේ දැඩි අවධානමක් පවතින බව පවසමින් විරෝධතාවක් පැවත්වුණි.

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාවේ යෙදුනු ගොවින්  කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගමන් කරනු ලැබීය.

එහිදී විරෝධතා කරුවන් විසින් වැඩිදුරටත් පවසා සිටියේ ,

‘ මේ වන විට කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය මෙවර යල් කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ලබාගන්න ඇලවේලී ඉලක්ක කරගිනිමින් වැලි ජාවාරම් කරුවන් මහපරිමාණයෙන් වැලි කැනීම් සිදු කිරීම හේතුවෙන් කුඹුරු වෙතට ජලය ලබා ගැනීමට නොහැකි තත්වයක් පවති හෙයින් යල් කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු අක්කර 2500 ක් පමණ විනාශ වී යාමේ අවධානමක් පවතින හෙයින් ගොවිතැන්හි යෙදෙන ගොවි පවුල් 1500 ක් පමණ මේ හේතුව නිසාවෙන් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවටය.

වැලි ජාවාරම් කරුවන් පිළිබඳඅවස්ථා කිහිපයකදීම පොලීසියට දැනුම් දුන්නද මේ දක්වා එම ජාවාරම් නැවතී නොමැති හෙයින් වහාම වැලි කැනීම් නැවත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතා කරුවන් විසින් කිලිනෝචිය දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලය වෙතට සන්දේශයක්ද භාර දෙනු ලැබීය.

අදාල වැලි ජාවාරම් නැවත්වීම සඳහා විසඳුමක් වශයෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් රූපවතී කේදීස්වරන් මහත්මිය විසින්  පවසා තිබුනේ යුද හමුදා සහය ලබාගෙන හෝ වැලි ජාවාරම් නැවත්වීමට පියවර ග්නනා බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,478 views