වැලි කැනීම් සීග්‍රෙයන් වැඩි වෙයි ගෙවුනු මාස 3ට 100 කට අධික පිරිසක් අත්අඩංගුවට…

April 19, 2021 at 5:30 pm | lanka C news
වැලි කැනීම් සීග්‍රෙයන් වැඩි වෙයි ගෙවුනු මාස 3ට 100 කට අධික පිරිසක් අත්අඩංගුවට…

නීතිවිරෝධී වැලි ගොඩදැමීම් සහ ප්‍රවාහනයන් උතුරු පලාතේ සීග්‍රෙයන් වැඩිවී ඇති බවටත් 2021 වසරේ ගෙවී ගිය මාස 3ට පමණක් සැකකරුවන් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල පියවර ගෙන ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රීක්කයන්හි මෙලෙස වැලි ගොඩදැමීම් සහ රහසිගත වැලි ප්‍රවාහනයන් සිදුවන අතර වැඩි වශයෙන්ම නීතිවිරෝධී වැලි ගොඩදැමීම් සිදුවන්නේ යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ බවට වාර්ථා වෙයි.

එමෙන්ම නීතිවිරෝධි වැලි කැනීම් හේතුවෙන් ස්වාභාවික ඇලවේලි සහ ඔයවල් ප්‍රමාණයෙන් විශාල වී ජලය අපතේ යෑම, ස්වාභාවික පරිසරයන් විනාශ වීම, ගොවිතැන් කටයුතු වලට දැඩි බාධාවල් එල්ල වීම වැනි ගැටලු වලට ප්‍රදේශයන්හි ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති බවටයි.

මේ වන විටත් අදාල ප්‍රදේශයන්හි නීතිවිරෝධී වැලි කැනීම් නිරීක්ෂණය කිරීම සහ ජාවාරම් කරුවන් කොටකර ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුලුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇති අතර තරාතිරම නොබලා ජාවාරම් කරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන බවටද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,786 views

5 Comments to “වැලි කැනීම් සීග්‍රෙයන් වැඩි වෙයි ගෙවුනු මාස 3ට 100 කට අධික පිරිසක් අත්අඩංගුවට…”

  1. Jepi buster says:

    කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වුනේ PCR පරීක්ශණ අඩු කල නිසා.
    වැලි කැනීම් ඉස්සර අඩුවෙන් වාර්තා වුනේ වැටලීම් අඩුවෙන් කල නිසා.
    -1%කේ ජෙපි ලොජික්

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පො උතුර නැගෙනහිර ගිහින් වැලි ගොඩදානව ආණ්ඩුව අප්‍රසාදයට පත්කරන්න. මුන්ට විරුද්ධව වහාම ක්‍රියාත්මක වියයුතුයි

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අනුන්ගෙ ගිණුමට වැටෙන්න පච වැඩ කරණ එක අපේ පුරුද්ද.

      අනුන්ගේ නමකින් හොර කොමෙන්ට් දැම්මාට සමා වෙන්න.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        මූ පඩත්තල ජෙප්පෙක්.
        මුන්ව මරල චප්ප කරල දාන්න ඕන.
        කාලකන්නි

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයියන්ගේ පරිසරවේදියා ලන්සා සහ සනත් නිසාන්තට අනුව ගන්ගා ඇල දොල නැති වෙනව කියන්නෙ රට සන්වර්ධනය වෙනව .ඒ නිසා එක ගන් ඉවුරක් නැති වෙනකල් වැලි ගොඩ දාල රටම කාන්තාරයක් කරමු

Main News