වැලි ගොඩ දමද්දී ඇට සැකිලි මතුවෙයි.. දෙදෙනෙක් අත්අඩංගුවට..

July 22, 2018 at 2:00 am | lanka C news
වැලි ගොඩ දමද්දී ඇට සැකිලි මතුවෙයි.. දෙදෙනෙක් අත්අඩංගුවට..

යාපනය සුළිපුරම් ප්‍රදේශයේ හින්දු සුසාන භූමියක් හාරා වැලි ගොඩ දැමීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු හා වාහන දෙකක් අත්අඩංගුවට ගත් බවට වඩුක්කොඩෙයි පොලීසිය කියා සිටියේය.

පොලිසිය පැවසූවේ මෙම සැකකරුවන් මෙම සුසාන භූමිය බැකෝ යන්ත්‍රයක් යොදාගෙන වැලි ගොඩ දමමින් සිටියදී සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු හා වැලි ප්‍රවාහනය සඳහා යොදාගත් වාහන දෙකක්ද, පස් කපන යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගත් බවටයි.

යාපනය,වලිකාමම් බටහිර ප්‍රාදේශීය සභා සභාපතිවරයා හා මන්ත්‍රීවරුන් විසින් සිදුකළ දැනුම්දීමක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද වඩුක්කොඩෙයි පොලිසිය සදහන් කළේය.

පොලිසිය පැවසූවේ සැකකරුවන් දින ගණනාවක් අදාළ කනත්ත සීමාවේ වැලි ගොඩදැමීම හේතුවෙන් කනත්ත තුළ මිහිදන් කළ මළ සිරුරු අස්ථි කොටස් රැසක්ද මතුවි ඇති බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

168 views
Main News