වැලි ගොඩ දමා ජලාශයක් සෑදේ.. අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් පිරේ….
December 10, 2021 at 8:40 am | lanka C news
වසර 7 කට වැඩි කාලයක් යාපනය වඩමාරච්චි නැගෙනහිර අම්පන් ග්‍රාමසේවා වසමේ කොට්ටඩෙයි ප්‍රදේශයේ අක්කර 1000 කට ආසන්න ප්‍රමාණයක වැලිකැනීම් සිදුකිරීම නිසා මේ වන විට ප්‍රදේශයම ජලයෙන් යට වී ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.
පසුගිය දිනවල යාපනය ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් අදාල ප්‍රදේශය මේ වන විට වැවක් වශයෙන් දිස්වන බවටත් ඇතැමි ස්ථානයන්හි අඩි 5 ත් 8 ත් අතර ගැඹුරින් ජලය පිරී තිබෙන බවටද ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
2009 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුලදී යාපනය දිස්ත්‍රීක්කයේ වැලි කැනීම් වැඩි වශයෙන් සිදුවූවේ මෙම ප්‍රදේශයේ වන බැවින් එම ප්‍රදේශයම විශාල වලක් සේ පසුගිය කලායේ දිස්වූ අතරම වර්ෂාවෙන් පසුව එය වැවක් වී ඇති බවටත් මෙ හේතුව නිසා ඉදිරියේදී ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇතුලු විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙනු ඇතැයිද පවසා සිටියහ.
මේ අතර කොට්ටඩෙයි ප්‍රදේශයේ නැවතත් වැලි කැනීම් සිදුකිරීමට ඇතැම් නිලධාරීන්ගේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති හෙයින් වහාම අදාල වැලි කැනීම් නවත්වන ලෙසටද ප්‍රදේශවාසී ජනතාව වැඩිදුරටත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඔටෝ සංවර්ධනය.
ඉතිරි පස් ටිකත් කපන්න දෙන්න..
පට්ට පබ්ලිසිටියක් දීලා
කෝටී ගානක් වැය කරලා සමාරම්භක උත්සවයක් තියලා එහෙම
දඹකොළ ජලාශය
ජනතාවට තිළිණ කිරීමේ මහා උත්සවයක් පවත්වමු.