වැලි ජාවාරම්කරුවන් මන්ත‍්‍රීට පහර දෙයි..

February 21, 2020 at 8:02 am | lanka C news
වැලි ජාවාරම්කරුවන් මන්ත‍්‍රීට පහර දෙයි..

මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරයෙකුට පහරදුන් පුද්ගලියින් තිදෙනකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ඒ.සේවියර් මහතා විසින් ප්‍රදේශයේ නීතිවිරෝධීව වැලි ජාවාරමේ නිරත වන්නන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී වැලි ජාවාරම් කරුවන් සමග වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව මන්ත්‍රීවරයාට වැලි ජාවාරම් කරුවන් විසින් කල පහරදීමකින් මන්ත්‍රීවරයා රෝහල්ගත කරනු ලැබීය.

අනතුරුව මුලතිව් පොලීසියට අදාල පහරදීම පිළිබඳව පැමිණිල්ලක් ලැබීමෙන් පසුව පරික්ෂණයක් ආරම්භ කල අතර එහිදී මන්ත්‍රීවරයාට පහරදුන් තිදෙනෙකු මුලතිව් පොලීසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබ ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,830 Viewers

2 Comments to “වැලි ජාවාරම්කරුවන් මන්ත‍්‍රීට පහර දෙයි..”

  1. kamal says:

    සරත් විරසේකර කිවු සිංහල දෙමල ඉංග්‍රිසි සම්බන්ධය
    සරත් විරසේකර ඇයි දෙමෙලෙන් ජාතික ගිය ගැයිමට විරුද්ධ වන්නෙ එයට නැඹුරු වෙන්නත් හේතුවක් තියෙනවා විරුද්ධ වෙන්නත් හේතුවක් තියෙනවා. අහිංසකත්වය නැත්තම් මෛත්‍රිය පමණයි අප හැමෝටම තියෙන්නෙ නමුත් එතනදි ඔනැම භාෂාවකින් ව්‍යවස්ථාව ප්‍රමුඛස්ථානය හෝ නිතියේ ප්‍රමුඛස්ථානය දෙනවා. නමුත් සමහර මිනිස්සු සරත් විරසේකර වගේ මිනිස්සු ලග තියෙන දේවත්වය අහිංසකත්වයට වඩා වටිනවා. ඒ තමයි රහතන් වහන්සේලා ඉන්නෙ හා බුදු දහම සුරකින්නෙ සිංහලෙන් ඒක හින්දා සිංහල භාෂාවේ ශ්‍රේෂ්ඨත්වය සලකා අකැමති විම. හැබයි අපිට ශ්‍රෙෂ්ඨම වෙන්නෙ පාලි දෙවනියට සිංහල. ඊලග කරුණ තාක්ෂණ ප්‍රශ්න තාක්ෂණ ප්‍රශ්න හින්දා අද බොහෝ අය ඉංග්‍රිසියට ගිහින් තියෙනවා. එය රටේ විසදිය යුතුයි සිංහලෙන් තාක්ෂණය දියුණු කල යුතුයි කොරියාව වගේ නැත්තම් පක්කලිකම් කරන සිංගප්පුරුව වගේ නෙවෙයි.
    නමුත් මම භාෂා හයක් ඉගෙන ගන්නවා ඒ තමයි පාලි සිංහල දෙමල ඉංග්‍රිසි හා ප්‍රොතෙස්තන්‍ත්‍ර කිස්ත්‍රියානි වන සංස්කෘත හා හින්දි. මේභාෂා හය ගැන දේශනයක් මම කවදා හරි ඒ කියන්නෙ 2025 ජනවාරි 6ට කලින් කරනවා. එදාට ලංකාවේ මිනිහගේ අභිමානය ලෝකය දැනගනියි. මිට කිරිබත්ගොඩ ඤණානන්ද හිමිගෙ ප්‍රමුඛ ගෝලයෙක් වන අජාසත්ත

  2. බෙර හඬ says:

    මොහු කතා කරන්නේ කුමක් ගැනද? කිසි සේත්ම අදාළ නැත. ඊට අමතරව කිසිම රටක ජාතික ගීය භාෂා කීපයකින් නොගැයේ. අඩුම තරමින් දමිළ ජාතියේ නිජබිම වන ඉන්දියාවේ තමිල්නාඩුවේ වත් සිදු නොවේ.

Main News