වැලි ජාවාරම් කරුවන් නිසා ජනතාවට දැඩි පීඩා…

December 16, 2019 at 2:06 am | lanka C news
වැලි ජාවාරම් කරුවන් නිසා ජනතාවට දැඩි පීඩා…

මුලතිව් මුහුද ආසන්නයේ වැලි ජාවාරම් කරුවන් විසින් සිදු කරන වැලි කැනීම් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවට ගැටලු රැසකට මුහුණපෑමට සිදුව ඇති බවට කියා සිටිති.

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් හා කරයමුල්ලි වයික්කාල් ප්‍රදේශයන්හි ජනතාව මෙම ගැටලුවට වැඩි වශයෙන් මුහුණ පා ඇති අතර ඔවුන් පවසා සිටින්නේ වැලි ජාවාරම් කරුවන් විසින් වෙරලබඩ වැලි ගොඩ දැමීමට අමතරව තමන් පදිංචිව සිටින ඉඩම්වලින්ද රිත්‍රී කාලයේ රහසිගතව වැලි ගොඩදැමීම හේතුවෙන් තම ඉඩම් ගිලා බැස නාය යාමකට ලක් විය හැකි බවටයි.

වෙරලබඩ ප්‍රදේශයේ පිහිටි සියලුම නිවාස වැලි සහිත ප්‍රදේශයක  පිහිටා ඇති අතරම මේ වන විටත් වැලි ජාවාරම් කරුවන් විසින් වැලි රැගෙන යාම හේතුවෙන් තමන් ජීවත්වන ඉඩම්හි විශාල ඇලවේලි ඇති වී තිබෙන අතරම පැවති වැසිසහිත කාලගුණය හේතුවෙන් තමන්ගේ ඉඩම් දැඩි ලෙස මේ වන විට කාදනයකට ලක්ව ඇති බවටය.

මේ හේතුව නිසාවෙන් ඉදිරියේද වර්ෂාව ඇදහැලුනහොත් තම නිවාසද ගිලා බැසීමේ අවධානමක් මතුව තිබෙන බවටත් වහාම වැලි ජාවාරම් කරුවන් විසින් සිදු කරන මෙම ක්‍රියාවන නවතා දැමීමට අදාල බලධාරීන් පියවර ගන්නා ලෙසටද මෙම වැසියන් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

53 views

One Comment to “වැලි ජාවාරම් කරුවන් නිසා ජනතාවට දැඩි පීඩා…”

  1. Parakum says:

    POHOTTUWA supporters granted licence to RAPE the environment. Donkeys and Buffalos and some Yellow robed CHEEWARADHAREES, please make note of the events.

Main News