වැලි ජාවාරමුන් අල්ලන්න STF දිවා රැයේ මෙහෙයුම් අරඹයි..

December 20, 2019 at 8:02 am | lanka C news
වැලි ජාවාරමුන් අල්ලන්න STF දිවා රැයේ මෙහෙයුම් අරඹයි..

යාපනයේ නීතිවිරෝධී වැලි ගොඩදැමීම් සිදුකරන ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය හා පොලිස් විශේෂකාර්ය බලකාය විසින් දිවා රාත්‍රී මෙහෙයුමක් දියත් කොට ඇත.

වැලි ජාවාරම් වැඩි වශයෙන් යාපනය අරියාලෙයි කේන්ද්‍රකරගනිමින් සිදු වන අතර එම ප්‍රදේශයේ දිවා කාලයේදී මෙන්ම රාත්‍රී කාලයේද පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන ඇත.

මේ අතර ඊයේ (18) රාත්‍රියේ අරියාලෙයි පූම්බුකාර් ප්‍රදේශයේදී නීතිවිරෝධී වැලි ජාවාරම් කරුවන් පිරිසක් පොලිස් විශේෂකාර්ය බලකා මෙහෙයුමකට කොටු වී පලා ගොස් ඇත.

වැලි ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීමත් සමග යාපනය දිස්ත්‍රීක්කයට පසුගිය දිනයන්හි ටිපර් හා ට්‍රැක්ටර් දහස් ගණණක් පැමිණ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම්වලින් ඇතුලුව ණීතිවිරෝධීව වැලි ගොඩදමා වැලි රැගෙන යාමෙන් යාපනයේ දැඩි විරෝධයක් එල්ල වීමත් සමග පොලීසිය විසින් මේ වන විට සෝදිසි කිරීම් හා මුර සංචාරයන් ක්‍රියාත්මක කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

137 views

2 Comments to “වැලි ජාවාරමුන් අල්ලන්න STF දිවා රැයේ මෙහෙයුම් අරඹයි..”

  1. MD says:

    Waliwala mila wadiwenakota Rajayak kala yutu de kara ati bawa pennum kara ata.esema hamudawa yoda wali jawaram karuwan allimath Rajaya kara ata.esenam mahajanayatada Rajayata sahaya wemin mowun alla deema kala yutu we.nodakka wage sitima Raja drohi kamaki

  2. නිරීක්ෂකයා says:

    කොහිලවත්තේ කුඩු දමයන්ති නීති විරෝධීව වැලිගොඩ දාන ගෑණියෙක්.

Main News