වැලි ට්‍රැක්ටරයක් රියදුරුගේ ඇග උඩටම පෙරලී රියදුරු මිය යයි..

September 6, 2019 at 5:30 pm | lanka C news
වැලි ට්‍රැක්ටරයක් රියදුරුගේ ඇග උඩටම පෙරලී රියදුරු මිය යයි..

මුලතිව් මල්ලාවි පොලිස් වසමේ කල්විලාන් ප්‍රදේශයේ ගොඩ දමන ලද වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පෙරලී යාමෙන් එහි රියදුරු මිය ගොස් ඇති බවට මල්ලාවි පොලීසිය පවසයි.

කල්විලාන් ප්‍රදේශයේ පාලියාරු ඔයේ ගොඩදමන ලද වැලි ට්‍රැක්ටරයට පුරවා ඔයෙන් ඉවතට ගැනීමට උත්සහ ගැනීමේදී වැලි ට්‍රේලරයේ බර වැඩි වීම හේතුවෙන් ට්‍රැක්ටරයේ ඉදිරිපස කොටස රියදුරුත් සමග එසවී පිටුපසට පෙරලී ගොස් ඇති අතර එහිදී රියදුරුද ට්‍රැක්ටරයට යටවී ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

එහිදී රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ තුනුක්කායි ප්‍රදේශයේ පදිංචි තම්බිමුත්තු සුරේස්කුමාර් නැමිති තිදරු පියෙකු බවට අනාවරනය වී ඇත.

ට්‍රැක්ටරයේ රියදුරුගේ අපරික්ෂාකාරී භාවය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන මල්ලාවි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

117 views
Main News