වැලි ප්‍රවාහනයට හොර බලපත්‍ර හදා විකුණයි.. එකක් රුපියල් 20,000යි…

July 2, 2019 at 8:02 am | lanka C news
වැලි ප්‍රවාහනයට හොර බලපත්‍ර හදා විකුණයි.. එකක් රුපියල් 20,000යි…

වවුනියාව සහ මුලතිව් ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කොට එම බලපත්‍ර දීර්ඝ කාගයක් තිස්සේ විකීනීමේ ජාවාරමක් අත්අඩංගුවට ගැනීමට පුලියන්කුලම් පොලීසිය විසින් පියවර ගෙන ඇත.

මාන්කුලම් සිට ඕමන්ත දක්වා ටිපර් රථයකින් වැලි ප්‍රවාහනය කරමින් සැටි සැකකරුවෙකුගේ බලපත්‍ර පුලියන්කුලම් පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර පරික්ෂා කිරීමේදී එම බලපත්‍ර ව්‍යාජ ඒවා බවට අනාවරනය වීමෙන් පසුව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයකදී දිගු කලක් තිස්සේ කිසියම් පිරිසක් විසින් අදාල බලපත්‍ර සක්ස් කොට එක් බලපත්‍රයක් රුපියල් 20,000 ක මුදලකට විකුණා ඇති බවට අනාවරනය වී ඇත.

ඒ අනුව අදාල ටිපර් රථය හා ටිපර් රථයේ රියදුරු මෙන්ම ටිපර්රථයේ හිමිකරුද අතඅඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම සැකකරුවන් ජුලි 03 වනදා වනදා දක්වා බන්ධනාගාරගත කොට ඇති අතර ව්‍යාජ බලපත්‍ර සකස්කරන ලද පිරිස් සොයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය හා පුලියන්කුලම් පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,241 Viewers

One Comment to “වැලි ප්‍රවාහනයට හොර බලපත්‍ර හදා විකුණයි.. එකක් රුපියල් 20,000යි…”

  1. සමන් says:

    aniwaaryayen pareekshana karanna. nathnam oken badata wadinne ara ahinsaka polonnaruwe wali mudalalita.