වැලි බොරලු ජාවාරම නවතන්න දැඩි තීන්දු ගනී..

February 9, 2020 at 8:02 am | lanka C news
වැලි බොරලු ජාවාරම නවතන්න දැඩි තීන්දු ගනී..

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ දැනට පවතින නීතිවිරෝධී වැලි,බොරලු හා මත්පැන් ජාවාරම් මැඩලීමට විශේෂ ආරක්ෂිත වැඩපිළිවලක් දියත් කිරීමට අවශ්‍ය තීරණ රැසක් කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේදී ගන්නා ලදි.

කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුව හටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.චන්ද්‍රකුමාර් හා කිලිනොච්චිය දිසාපතිනි රූපවතී කේදීස්වරන යන අයගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මෙම කමිටු රැස්වීම පැවත්වුණි.

එහිදී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව සිටින ජනතාවගේ ගම්මානයන් ඉල්ක්ක කරගිනිමින් සිදු කෙරෙන නීතිවිරෝධී වැලි හා බොරලු ජාවාරම් නැවත්වීඹටත් එමෙන්ම දැඩි තර්ජනයකට මුහුණ පා සිටින නීතිවිරෝධී මත්පැන ජාවාරම් නැවත්වීමට අවශ්‍ය වූ තීරණ කිහිපයක්ද ගන්නා ලදි.

එහිදී නීතිවිරෝධී ජාවාරම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී සිදුවන අතරමැදි බාධාකරුවන්ටද එරෙහිව තරාතිරම් නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටද දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේදී තීරණයකට එලඹීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,363 Viewers

3 Comments to “වැලි බොරලු ජාවාරම නවතන්න දැඩි තීන්දු ගනී..”

  1. Isahq says:

    සනත් නිශාන්ත ට කප්පම් ගෙවමින් හලාවත මාදම්පේ ඌරලියේ කලු චමින්දයා කාලයක් තිස්සේ කරන් යන පස් ජාවාරම පුලුවන් නම් නවත්වන්න . කලින් යූඇන්පියට කප්පම් දිදී කලේ. මිනිහා ප්‍රදේශය ම විනාශ කරන ගැඩවිල්ලෙක්

  2. Rosh says:

    විමල්වීරවංශට පිස්සුද වෙන්ඩ-විජයකුමාරතුන්ගව පාටි එකෙන් ඉදිරිපත් කරන්නෙ???

Main News