වැලි ලොරියක් පාර හරහා පෙරලෙයි…

February 20, 2022 at 8:02 am | lanka C news
වැලි ලොරියක් පාර හරහා පෙරලෙයි…

මහියංගනය සිට හැටන් දක්වා වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගය හරහා පෙරලිමෙන් ටිපර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදිය.

වැලි කියුබ් 03 සහිතව අධික බැවුමක් සහිත එම මාර්ගයේ ටිපර් රථය ධාවනය කරමින් තිබියදි හදිසියේ ටිපර් රථයේ තිරිංග ක්‍රියාවිරහිත විම නිසා ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ඇදි ගොස් ප්‍රධාන මාර්ගයේ එක් පසක පෙරලි ඇති බවයි නානුඔය පොලිසිය කියා සිටියේ.

නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ මිට ප්‍රථම අවස්තා කිහිපයකදි අනතුර ගණනාවක් සිදු වි ඇති බවත්, එම මාර්ගයේ බර වාහන ධාවනය තහනම් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවස්තා කිහිපයකදි ඉල්ලා ඇති බවයි නානුඔය පොලිසියේ නිලධාරියෙකු කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,358 views
Main News