වැල ඕපන්.. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට මධුෂ්ගේ සබදතා එලියට ඇදේ..
February 14, 2019 at 9:20 am | lanka C news
වැලිකඩ බන්ධනාරගාරයේ රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්, ගායක අමල් පෙරේරා අතර සබදතා ඇතැයි තොරතුරු ලැබෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඊයේ දිනයේ කරුණු වාර්තා කලේය.
නාලක සිල්වා හා අමල් පෙරේරා අතර පැවති සම්බන්ධය කුමන ආකාරයක එකක්දැයි ජාත්‍යන්තර පොලීසියේද සහාය ඇතිව පරීක්ෂණ පවත්වන බවත් ඔවුන් කියා සිටියේය.
රහස් පොලීසිය විසින් මෙම කරුණු හෙලි කර සිටියේ ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සිදු කල බව කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
22 වැනි දින නාලක ද සිල්වා මහතාගේ කාර්යාලයට ගොස් අමල් පෙරේරා යන අය නාලක ද සිල්වා මහතාව හමු වී ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේයග
ගායන ශිල්පී අමල් පෙරේරා 2016 වසරේ ජූලි 21 වැනිදා නාලක ද සිල්වා මුණ ගැසීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගිය බවත් පැමිණි හේතුව විමසූ පොලිස් කොස්තාපල්වරයකුට දඬුවම් පමුණුවා ඇති බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් දුෂණ මර්ධන බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර මහතා කියා සිටියේ ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට මාකඳුරේ මදූෂ්ගේ සහය අවශ්‍ය නම් ලබාගැනීමටද තමනට හැකි බව නාලක සිල්වා මහතා පැවසූ බවය.
බටහිරින් මෙහෙයවෙන “කළු බලවේග”රටේ හැම ක්ෂේත්රයකම ස්ථානගත කරලයි තියෙන්නේ. අධිකරණය ඇතුලේ තියෙන කළු අධිකරණය,පොලිසිය තුල ඇති කළු පොලිසිය , කළු පන්සල, කළු පල්ලිය, කළු යුනිවර්සිටිය – රට හසුරවන්නේ මේවා යොදාගෙනයි…… මේවාට යොදාගෙන ඇති හිකනැලුන් දැන් එළිදරව් වෙමින් ජනතා ප්රකෝපයට බඳුන් වෙමින් සීටී. රටේ සාමාන්‍ය පුරවැසියාගේ සිට ජනාධිපති දක්වාව මෙම “කලු බලවේග” වල ත්රස්තවාදයට ලක් වෙමින් සිටී.කළු බලවේග අළු කර රට බේරාගමු !!!!!!!!!!!!
True! Well said! The country is now controlled by the White Christian Western Imperialists, their stooges here, Eelamists and the Indian expansionists!
කලු ක්‍රිස්තියානි බලවේග විතරද මේවට සම්බන්ද?ඇයි සමහර මුස්ලිම් රටවලින් අපේ සමහර දේසපාලකයාේ පාලනය වෙන්නේ නැද්ද?
I agree with you 100%.
Ow eka aththa. Cricket pawa winasa karanne ape rate minissu loluwa udin thiyan inna legendsla. Un mewa karanne unge pudgalika wasiyata.
“කළු බලවේග”රටේ හැම ක්ෂේත්රයකම ස්ථානගත කරලයි තියෙන්නේ. අධිකරණය ඇතුලේ තියෙන කළු අධිකරණය,පොලිසිය තුල ඇති කළු පොලිසිය , කළු පන්සල, කළු පල්ලිය, කළු යුනිවර්සිටිය – රට හසුරවන්නේ මේවා යොදාගෙනයි……
.කළු බලවේග අළු කර රට බේරාගමු
මෙිගොල්ලන් හාල්මැස්සන් පමනයි තෝරැ මොරැ ඉන්නේ පාර්ලිමෙින්තුවෙි පුලුවන්නමි අල්ලපියවි
Quite obviously the real culprits are still enjoying out and about but unfortunately some innocent guys ( Amal, Nadeemal ) are suffering.
හාල්මැස්සන් කියලා අතාරින්න හොඳ නෑ !, හාල්මැස්සගෙ ඉදන් තෝරා දක්වාම එවුන් අල්ලන්න ඕනෑ .