වැවකට නාන්න ගිය අයිය නගෝ ගිලී මරුට..නංගි බේරගන්න වතුරට පැන්න අයියත් මිය යයි..

November 24, 2017 at 6:48 pm | lanka C news
වැවකට නාන්න ගිය අයිය නගෝ ගිලී මරුට..නංගි බේරගන්න වතුරට පැන්න අයියත් මිය යයි..

වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය සහෝදරයින් දෙදෙනෙකු අද (24) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බවට මාමඩුව පොලීසිය කියා සිටියේය.

වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයියා සහ 17 හැවිරිදි නැගනිය මාමඩුව වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී වැවේ ගැඹුරු සහිත ස්ථානයකට බැස්ස නැගනිය එකවරමි දිය යට ගිලී මඩේ එරී ඇත.

ඇය බේරා ගැනීමට සහෝදරයාද එම ස්ථානයට පැන්නද සහෝදරයාටද නැවත ගොඩට ඒමට නොහැකිව වන අයුරින් ඔහුද මඩේ එරීමෙන් දියේ ගිලී මිය ගොස් ඇති බවට දැනට ඇති තොරතුරු වලින් අනාවරණය වන බවට මාමඩුව පොලීසිය කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට වව්නියාව මහරෝහලට දෙදෙනාගේම මළ සිරුරු රැගෙනවිත් ඇති අතර අදාල මිය යාම සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය හා මාමඩුව පොලීසිය එකව වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29 views
Main News