වැවක් කැඩී යයි.. කුඹුරු අක්කර ගණනාවක් අවදානමේ…
January 6, 2020 at 2:02 am | lanka C news
වවුනියාව ඊච්චන්කුලම් ප්රදේශයේ පිහිටි කල්ලිකුලම වැවේ වැව් බැම්ම කඩාගෙන යෑම හේතුවෙන් එම ප්රදේශයේ ගොවීන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
කල්ලිකුලම් වැව් බැම්ම කඩාගෙන යාමට පෙර සොරොව් ආසන්නයෙන් කුඩා ජල කාන්දුවක් පැවතියද බලධාරීන් එය සැලකිල්ලට නොගැනීම හේතුවෙන් වැව කඩාගෙන ගිය බව කල්ලිකුලම් ගොවීහු කියා සිටිති.
මෙම වැව් බැම්ම කඩාගෙන යෑම නිසා මේ වන විට පීදෙම්න් තිබු කුඹුරු යායක් ජලයෙන් යටව විනාශයට පත්ව ඇති බවත් එම වැව යටතේ වගා කළ කුඹුරු වලටද ඉදිරියේදී ජලය හිග විය හැකි බවටත් ගොවීන් මැසිවිලි නගති
කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ වැව් බැම්ම කඩාගෙන වැවෙන් ජලය පිටවීම හේතුවෙන් එම ප්රදේශයේ කුඹුරු අක්කර 120 ක පමණ ප්රමාණයක් අවදානමේ ඇති බවයි
– වන්නි රොමේෂ් මධුෂංඛ