වැවක පුද්ගල මළසිරුරක් පාවෙයි..

December 11, 2019 at 2:06 am | lanka C news
වැවක පුද්ගල මළසිරුරක් පාවෙයි..

යාපනය පුන්ගන් කුලම් ප්‍රදේශයේ පිහිටි කුඩා වැවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

පුන්ගන්කුලම්හි වන්නාම් නැමති කුඩා වැවේ අදාල මළ සිරුර පාවෙනු දැක ප්‍රදේශවාසීණ් විසින් ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇති අතර පසුව යාපනය පොලීසය විසින් අදාල ස්ථානයට පැමිණ මළ සිරුර ගොඩට ගෙන ඇත.

මිය ගොස් සිටි පුද්ගලයා අවුරුදු 60 ක පමණ වයොවෘද්ද පුද්ගලයෙකු වන අතර ඔහු මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළ මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය රෝහලට රැගෙන ගිය බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,678 Viewers
Main News