වැවක මාලු අල්ලන්න ගිය පුද්ගලයාගේ මළ සිරුරු වැවේ පාවෙයි….
August 11, 2019 at 2:01 am | lanka C news
මුලතිව්, සෙල්වපුරම් ප්රදේශයේ පිහිටි කුමරිකුලම වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැවේ පාවෙමින් තිබියදී හමු වූ බවට මල්ලාවි පොලීසිය පවසයි.
මිය ගොස් ඇති මෙම පුද්ගලයා රාත්රියේ වැවේ මසුන් ඇල්ලීමට යාමෙන් පසුව ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ප්රදේශවාසීන් විසින් පිරික්ෂීමේදී එම පුද්ගලයාගේ මළ සිරුර වැවේ පාවෙමින් තිබී ඇත.
මේසේ මිය ගොස් ඇත්තේ සෙල්වපුරම් ,වවුනිකුලම් ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි තම්බිරාසා සුරේෂ්වරන් නමැත්තෙකු වන අතර ඔහු පෙදරේරුවෙකු ලෙස සේවය කරන බවට ප්රදේශවාසීන් ප්රකාශ කර ඇත.
අදාල මරණයට හේතුව මෙතෙක් හෙලි වී නොමැති අතර ජලය ගිලීමෙන් සිදුවූවක් බවට පොලීසිය සැක පල කර සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ