වැව් බැම්මක මළ සිරුරක්.. කපා කොටා මරා දැමු බව හෙලිවේ..

February 25, 2019 at 2:07 am | lanka C news
වැව් බැම්මක මළ සිරුරක්.. කපා කොටා මරා දැමු බව හෙලිවේ..

කිලිනොච්චිය ධර්මපුරම්හි පිහිටි වැව් බැම්මක තිබී තියුණු ආයුධ වලින් පහර දී තිබූ මළ සිරුරක් හමු වූ බවට ධර්ම පුරම් හා කිලිනොච්චිය පොලීසිය පැවසීය.

මිය ගිය පුද්ගලයා ධර්මපුරම් යුනිට් 6 ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර 28 හැවිරිදි කේ.අරසසිංහම් නැමත්තෙකු බවට පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

මිය ගිය පුද්ගලයාගේ සිරුරෙ කැපුම් පහරවල් කිහිපයක්ම ඇති බවට පසුගිය 22 වනදා මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් සිදු කරන ලද පහරදීමකදී මෙසේ ඝාතනය වී ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය සැක පල කොට සිටියේය.

අදාල මරණය සම්බන්ධයෙන් මෙතෙක් හෝඩුවාවක් නොලැබී ඇති අතර කිලිනොච්චිය හා ධර්මපුරම් පොලීසිය විසින් වැඩි දුර පරික්ෂණ අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,125 Viewers
Main News