වැස්සට පාලමක් කඩාගෙන යයි.. ගමනාගමනයට බාධා..

October 7, 2021 at 5:30 pm | lanka C news
වැස්සට පාලමක් කඩාගෙන යයි.. ගමනාගමනයට බාධා..

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ආනෙයිකොට්ටෙයි ප්‍රධාන මාර්ගයේ පාලමක කොටසක් ජලයට කඩාගෙන යාම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

අනෙයිකොට්ටෙයි ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග විශාල ජල පහරකට හසුවීම හේතුවෙන් අනෙයිකොට්ටෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලමේ කොටසක් කඩාගෙන ගොස් තිබුණි.

ඒ සමගම ප්‍රදේශයේ තරුණයින් විසින් අදාල පාලම මතින් බරවාහන ඇතුලු වාහනවලට ගමන් කිරීමට නොදී පාලම කැඩී ඇති අනතුර සම්බන්ධයෙන් වාහන රියදුරන් දැනුවත් කිරීමට පියවර ගත්හ.

කෙසේ වෙතත් මේ වන විට පාලම මතින් ගමනාගමනය දැඩි ලෙසින් අඩාල වී ඇති අතර පාලමේ නඩත්තු කටයුතු වලටද වර්ෂාව හේතුවෙන් දැඩි ලෙසින් බාධා එල් වී ඇතත් පාලම යතාතත්වයට පත් කොට ගමනාගමනය නැවත ආරම්බ කිරීමට කඩිනම් පියවර ගන්නා බවටද මාර්ග සංවර්ධන නිලධාරීන් පවසා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,031 views

2 Comments to “වැස්සට පාලමක් කඩාගෙන යයි.. ගමනාගමනයට බාධා..”

  1. Alapaluwa says:

    හැමෝම රාජපක්ෂ පවුලෙ දේවල් හොයනවා. සේරටම කලින් අනුර කුමාර පරය අයර්ලන්තයේ මාලිගාවල් ගත්ත හැටි හොයපියව්