වැස්සත් එක්ක ගමට ආ දැවන්ත කිඹුලා ප්‍රදේශවාසීන් අල්ලයි…

December 10, 2018 at 8:40 am | lanka C news
වැස්සත් එක්ක ගමට ආ දැවන්ත කිඹුලා ප්‍රදේශවාසීන් අල්ලයි…

පසුගිය දිනයන්හි පැවති අධික වර්ෂාවත් සමග  සමඟ වවුනියාව නෙළුකුලම ප්‍රදේශයට පැමිණි හැළ කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා වව්නියාව වනජීවි කාර්යාලය වෙතට භාර දීමට පියවර ගනෙ ඇත.

අඩි 08 ක පමණ දිගින් යුක්ත මෙම හැල කිඹුලා පසුගිය දිනයන්හි ඇදහැලුනු වර්ෂාවත් සමග ආසන්නයේ තිබුණු කුඩා වැවක් වාන් දැමීම හේතුවෙන් වාන් ජලය සමග ගම්මානයට පිවිස ඇති අතර ඒ බව ප්‍රදේශවාසීන් විසින් දැක පළමුව හැල කිඹුලා අල්ලා වව්නියාව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමට පියවර ගෙන ඇත.

පසුව අදාල ස්ථානයට පැමිණි වව්නියවා වනජිවි නිළධාරීන් කිඹුලා අල්ලා වව්නියාව රක්ෂිතයේ  ජල පෝෂක ප්‍රදේශයකට මුදා හැරීමට පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

24 views
Main News