වැස්සෙන් ගාල්ල යටවෙයි…

May 30, 2019 at 8:02 am | lanka C news
වැස්සෙන් ගාල්ල යටවෙයි…

පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් ඊයේ  (29) ජලයෙන් යටවී තිබුණි.

ගාල්ල – බද්දේගම මාර්ගයේ හිරිඹුර ප්‍රදේශය, දංගෙදර, අබ්දුල් වහබ් මාවත සහ ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ  ජලයෙන් යටවී තිබුණි.

ජල ගැලීම් නිසා රථවාහන ධාවනයට ද  බාධා එල්ල විය.

මේ නිසා පාසල් සිසුන් ඇතුළු ජනතාව මහත් අසීරුතාවයනට පත්වුහ.

– හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්

11,832 Viewers
Main News