වැස්ස දරුණු වෙයි.. ගංවතුරෙන් ජනතාව පීඩාවන්ට..

November 3, 2021 at 2:10 am | lanka C news
වැස්ස දරුණු වෙයි.. ගංවතුරෙන් ජනතාව පීඩාවන්ට..

පවතින අධික වර්ෂාව හේතුවෙන් මන්නාරමේ පහත් බිම් රැසක පිහිටි ගම්මාන වලට දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති හෙයින් එම ප්‍රදේශවල ජනතාව පීඩාවන්ට පත්ව සිටින බවට මන්නාරම් දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

මන්නාරම හා තලෙයිමන්නාරම ප්‍රදේශයන් වෙතට මෙලෙස අයහපත් කාලගුණය බලපා ඇති අතර එහිදී මන්නාරම උප්පුකුලම්, පල්ලිමුනෙයි, සෞත්බාර්, ශාන්තිපුරම්, එමිල්නගර්, මූර් වීදි, ආදි වශයෙන් මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මානයන් වෙතට ගංවතුර තත්වයන් බලපෑඹ හේතුවෙන් ජනතාව පීඩාවන්ට ලක්ව සිටිති.

මේ අතර තලෙයිමන්නාරම ඌර්මලෙයි ප්‍රදේශයට දැඩි ගංවතුර තත්වයක් ඇති වීමත් සමග එහි ජනතාව පීඩාවන්ට පත්ව ඇති හෙයින් ජනතාවට පහසුකම් සැපයීමට පවා අපහසු තත්වයක් එලඹී ඇතැයිද දිස්ත්‍රීක් ආපාදා කලමනාකරන ඒකකය පැවසීය.

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වය තවත් වැඩිවීමේ අවධානමක් පවතින හෙයින් පහත් බිම්වල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන වෙතට ගොස් ඒ බව ග්‍රාම නිලධාරී මගින් හෝ ආපදාකලමනාකරන නිලධාරීන්ට හෝ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දෙන ලෙසටද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,855 views

2 Comments to “වැස්ස දරුණු වෙයි.. ගංවතුරෙන් ජනතාව පීඩාවන්ට..”

  1. කර්ම ශක්තිය says:

    වයිරයෙන්, ක්‍රෝධයෙන් එකිනෙකා මරාගන්නා ජාතියකට
    අනුකම්පාව වෙනුවට භූමිකම්පාවත්,
    වර්ශාව වෙනුවට ගංවතුරත්,
    අව්ව වෙනුවට නියගයත්
    අඩු නැතිව ලැබෙන හැටි බලාපල්ලා

  2. Love nature says:

    රට පාලනයේ හොරු වැඩිඋනාම මෙහෙම වෙනවා