වැස්ස නෑ.. ජලය-විදුලිය අඛණ්ඩ සැපයුම අර්බුදයේ..
October 10, 2016 at 12:40 pm | lanka C news
රට පුරා ඇති වී තිබෙන දැඩි වියළි කාලගණ තත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට සිදු විය හැකි යයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.
උණුසුම් කාල ගුණය නිසා පාරිභෝගිකයින්ගේ ජල පරිහණය ඉහල යාමද මීට බලපා ඇති බවද පවසන මණ්ඩලය මේ වන විටත් සමහර ප්රදේශවල ජල සැපයුම දිනකට පැය 18ක් දන්වා සීමා කර ඇතැයිද කියා සිටී.
එනිසා මණ්ඩලය ඉල්ලා සිටින්නේ ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙසයි.
මේ අතර ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම විශාල වශයෙන් පහල ගොස් ඇති බැවින් විදුලි උත්පාදනයද අර්බුදකාරී තත්වයකට පත්ව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ හේතුවෙන් තාප විදුලි උත්පාදනය වැඩි වශයෙන් සිදු කිරීමට සිදුව ඇති නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයිද මණ්ඩලය ඉල්ලා සිටී.