වැස්ස වැඩිවෙන කොට GDP ඉහල යනවද… කඩේ මුදලාලි තම ගෙදර වියදම අඩු කලාම කඩේ වෙළඳාම වැඩි වෙනවද.. අනෝරා වැස්සට ආර්ථිකය දියුණුවන බව කී අයට රත් වෙන උත්තරයක්…

May 29, 2018 at 10:00 am | lanka C news
වැස්ස වැඩිවෙන කොට GDP ඉහල යනවද… කඩේ මුදලාලි තම ගෙදර වියදම අඩු කලාම කඩේ වෙළඳාම වැඩි වෙනවද.. අනෝරා වැස්සට ආර්ථිකය දියුණුවන බව කී අයට රත් වෙන උත්තරයක්…

අනෝරා වැස්සට ආර්ථිකය දියුණුවෙනවා කරනු ලබන ප‍්‍රකාශවලට ආචාර්ය නාලක ගොඩහේවා දේශප්‍රේමී වෘතිකයින් විසින් කැඳවා තිබුන ප්‍රවෘතී සාකච්ඡාවකදී පිලිතුරු දුන්නේය.

“ පසුගිය දිනවල අපි දැක්කා රජයේ යම් ප්‍රබල දේශපාලනඥයෝ කියලා තිබුනා මේ අනෝරා වැහි වහින එක රටට හොඳයි එතකොට රටේ GDP එක වැඩි වෙනවා කියලා. GDP කියන්නේ දල ජාතික නිශ්පාදනය එහෙමත් නැත්නම් රටේ සමස්ථ ආර්ථික ක්‍රියාවලිය කියල මේ දේශපාලනඥයෝ දන්නවද කියල මම දන්නේ නැහැ මොකද මේක කවුරු හරි නිලධාරියෙකු කියපු කතාවක් වැරදියට තේරුම් අරගෙන කරන මෝඩ ප්‍රකාශයක්. මට හිතා ගන්න පුලුවන් කොහෙන්ද මේ ලනුව කෑවෙ කියල.

මට මතකයි පහුගිය ආන්ඩුව කාලේ ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉතා ඉහල අගයක් තිබුන වෙලාවේ අපේ ජාතික ආනයන වියදමින් 25% විතර වැය වුනේ තෙල් වලට. වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක් විතර ඉහල මුදලක්. ඒ කාලේ කඳුකර ප්‍රදේශවලට තද වැස්සක් වහින කොට මුදල් අමාත්‍යාංශයේ ඉහල නිලධාරියො කියන කතාවක් තිබුනා ඔන්න ඩොලර් වහිනවා කියල. ඔවුන් අදහස් කලේ වැස්සාට ජලාශ පිරිල ජල විදුලි නිශපාදනය වැඩි වුනහම තාප බලාගාර වල නිශ්පාදන අවශ්‍යතාව අඩුවෙනවා, ඒ නිසා තෙල් ආනයනට යන වියදම අඩු වෙනවා කියලා.

දැන් කවුරු හරි ඔය කතාව මේ ආන්ඩුවේ ලොක්කන්ට කියල මේ අය ආනයන වියදම අඩු වීමයි දල ජාතික නිශ්පාදනය වැඩි වීමයි දෙක පටලගෙන. ඒක හරියට කඩේ මුදලාලි තමුන්ගේ ගෙදර දොර වියදම් අඩු කරගත්තම කඩේ වෙළන්දාම වැඩි වෙනවා කියනව වගේ මෝඩ කතාවක්. දල ජාතික නිශ්පාදනය කියන්නේ රටේ ආර්ථික ක්‍රියාවලිය. ආන්ඩුවේ පුනරාවර්ථන වියදම් ටිකක් අඩු වුනා කියල ඒ මුදල් සංවර්ධනයට යෙදෙන්නේ නැහැ. වර්ශික අයවැයෙන් පුනරාවර්ථන වියදමුයි ප්‍රාග්ධන වියදමුයි වෙන්කරල ඉවරයි. අනික් අතට තෙල් වලට යන වියදම අඩු වුනා කියලා ආන්ඩුව තෙල් මිල අඩු කරන්නේ නැහැ. එතකොට පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියටත් මින් කිසිම දායකත්වයක් නැහැ. ඊටත් වඩා විහිලුව මේ අනෝරා වැස්ස නිසා ආර්ථිකයට වන හානිය ගැන මේ අයට අබමල් රේණුවක අවබෝදයක් නැති බවයි පෙනෙන්නේ.

අර නිලධාරියො ඩොලර් වහිනවා කියන්නේ ගං වතුර ගලන මහ වැසි වලට නෙවෙයි. මොකද ගංවතුර නිසා රටේ ජීවිතවලට හා දේපල වලට, කෘෂිකර්මාන්තයට වන හානිය අර තෙල් වලින් රජයට වන ඉතුරුවට වඩා බොහොම වැඩියි. ඒ නිසා අපි මේ දෙශපාලනඥයින්ගෙන් ඉල්ලනවා ජනතාව වැස්සෙන් ගංවතුරෙන් පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවක රටට විහිලු සපයන එක නතර කරන්න කියලා’

– චාමින්ද කරුණාරත්න

156 views

8 Comments to “වැස්ස වැඩිවෙන කොට GDP ඉහල යනවද… කඩේ මුදලාලි තම ගෙදර වියදම අඩු කලාම කඩේ වෙළඳාම වැඩි වෙනවද.. අනෝරා වැස්සට ආර්ථිකය දියුණුවන බව කී අයට රත් වෙන උත්තරයක්…”

  1. හිටං හුටං says:

    වැස්ස නිසා ගොවිතැනට ජලය ලැබෙනවා. වැව් පිරෙනවා. එම ජලය ඉදිරි වගා කටයුතු වලට යොදා ගන්නවා.
    කෘෂිකර්මාන්තයේ වර්දනය ද. දේ. වර්දනයට ගනන් ගැනේ.

    ජනධිපතිතුමා අදහස් කලේ එය විය හැක.

    • ජනක says:

      මනුස්සයෝ වහිනකොට කෘෂිකරමාන්තයට හොඳ උනාට වැඩක් නෑ කෘෂිකාර්මික නිෂ්පාදන වලින් රට ස්වයන් පෝෂිත වෙන්න නැතිනම් සහ කෘෂිකාර්මික නිෂ්පාදන පිටරටට යවලා විදේශ විනිමය ගෙන්න බැරිනම් .
      ඒමදිවට ජනාදිපති කල්පනා කලාද අනෝරා වැහි වහිනකොට බෝග වලට හානි වේලා මිනිසුන් ගත්ත නය ගෙවාගන්න බැරිව බෝග කුණු වෙලා යන එක ගැන .ගංවතුරින් වගාබිම් වැනසිලා යන එක ගැන .
      මනුස්ස්සයෝ ජනාදිපති මුකුත් දන්නේ නෑ කවුරු හරි කියන දෙයක් අවබෝදයක් නැතිව කියන බව මේකෙන් ඔප්පු උනා ,පුදුම චරිතයක් ඔයි .ලැජ්ජාවේ බෑ ලංකාවේ ජනාදිපති මෙහෙම කෙනෙක් කියල කියන්න

    • පොරියා says:

      ලංකාව තවමත් කෘෂිකර්මය මූලික කර ගත් ආර්තිකයක් ඇති රටකි.එම නිසා වැස්ස අතයාවශයම සාධකයකි.පසු ගිය අවුරුදු වල ආර්තික වර්දන වේගය අඩු වීමට රටේ බොහෝ ප්‍රදේශ වලට බලපෑ නියගය හේතු විය.තවද තෙත් කලාපයට බලපෑ ගංවතුරද හේතු විය.වියලි කලාපයට වැස්ස ලැබීම ආර්තිකයේ වර්දනයට රුකුලකි.නාලක ගොඩහේවා මහතා එක් කරුනක් පමනක් ඉස්මතු කිරීම ඔහු වැනි වියතකුට තරම් නොවෙයි.සියලු කරුනු පැහදිලි කිරීම ඔහුගේ අගය ඉහල යාමට හේතුවකි..

    • fass says:

      Harak patiyo, gan wathura galanna wahinakota wagawal vinasha wenawa…

      • පොරියා says:

        උගත් මිත්‍රය ඒක තමා තෙත් කලාපයට බලපෑ ගංවතුර ආර්තික වර්දනය අඩු වීමට හේතුවක් බව මා ප්‍රකාශ කලේ.එම කාලයේ ලංකාවේ වියලි කලාපය දැඩි නියගයකට හසු විය.

  2. හිටං හුටං says:

    2017 GDP growth = 3.7%
    Less – Auto Growth due to rain = – (2.5 % ) ( Source: HE President of Sri Lanka)
    Growth Due to Government policies = 1.2 %

    Lets make God “වැස්සවළාහක ” as King of Sri Lanka.

  3. chandapala says:

    කොච්චර විනාශයක් උනත් වැස්ස නිසා දල ජාතික නිෂ්පාදිතය සියයත 2.5 වැඩි වෙනවලුනෙ . එහෙනම් මේ වැස්සත් ආණ්ඩුවේ වැඩක් වෙන්න ඇති . අනේද කියන්නේ..

  4. chanda says:

    wessa nisa dala jathika nishpadithaya novei sinhala janaganaya wath wedi unanam loku deyak

Main News