වැසිකිලි වලට වැඩී පාසැල් දැරියක් මිය යයි…

September 28, 2020 at 5:30 pm | lanka C news

මිදුල අතුගාමින් සිටි 14 හැවිරිදි දැරියක් නිවසේ වැසිකිලි වලට යොදා තිබුණු කොන්ක‍්‍රීට් තට්ටුව කඩා වැටිමෙන් රෝහල් ගත කිරිමටත් පෙර එහි විෂ වායුව අග‍්‍රහණය විමෙන් මිය යෑමේ සිද්ධීයක් මාවනැල්ල ප‍්‍රදේශයෙන් වාර්තා විය.

මෙම ශෝචනිය සිද්ධියෙන් මිය ගියේ මාවනැල්ල මාවාන වසමට අයත් ගනේතැන්න උදයමාවතේ පදිංචි ගනේතැන්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එස්.එම්.සෙනුරි චතුරිකා දැරියයි. ඇය ගැහුණු දරුවන් තිදෙනෙක් සහිත පවුලක වැඩිමහල් දැරියයි. ඉරිදා දිනයක් වු එම දිනයේ නිවසේ උදෑසන මිදුල අතුගාමින් සිටි මෙම දියණිය වැසිකිලි වල අසල අතුගාමින් සිටින අතරවාරයේ එම කොන්ක‍්‍රීට් තට්ටුව මත පවිත‍්‍ර කිරිමේ කටයුතු කරන විට එකවරම එම කොන්ක‍්‍රීට් තට්ටුව කඩා වැටි වැසිකිලි වලට වැටි ඇත.

වැසිකිලි වලට ඇද වැටිමෙන් පසුව ප‍්‍රදේශවාසින් කිහිප දෙනෙක්ම ඇය ගොඩගැනිමට උත්සාහ කර ඇති අතර එම උත්සාහය ව්‍යාප්ත වි ඇත්තේ වැසිකිලි වලෙහි විෂ අග‍්‍රහණය විම හේතුවෙන්ය පසුව දියණියගේ පියා විසින් ඇය වැසිකිලි වලෙන් ගොඩට ගන්නා අවස්ථාව වන විටත් එම දියණිය මියගොස් සිටි බව මාවනැල්ල පොලිසිය කියයි.

එකවටම කොන්ක‍්‍රීට් තට්ටුව කඩා වැටිමෙන් පසුව ඇය වැසිකිලි වලට ඇද වැටිමෙන් පසුව ‘අම්මා මාව ගොඩට ගන්න’ යැයි කිහිප වතාවක්ම ඇය පවසා ඇති අතර ඒ වන විටත් සිහි මුර්ජා වෙමින් සිටි දියණියගේ ජිවිතය බේරා ගැනිමට නොහැකි වු බව ඇයගේ මව විසින් හඩා වැටෙමින් පවසයි. අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් වැසිකිලි වලට ගිහින් දුවගේ කොණ්ඩයෙන් අල්ලාගෙන හිටියා මම කිවා හිසට බෙල්ලට හානියක් වෙයි මල්ලි කොණ්ඩය අතාරින්න කියලා. ඒ සමගම ඔහු අතින් හිසකෙස් වැටිය අතහැරි බවද පවසයි.

දියණිය බේරා ගැනිමට අසල්වාසින් එක්ව කිහිප වතාවක්ම දැරිය ගොඩගැනිමට උත්සාහ කර අතර වැසිකිලි වලට බසින විට එහි වායුව අග‍්‍රහණය වන විට ක්ලාන්තය වැනි ගතියක් ඇති වන නිසා අසල්වාසි කිහිප දෙනෙක්ම නැවත වැසිකිලි වලෙන් උඩට පැමිණි බව ඔවුන් පවසයි.

අවසානයේ දැරියගේ පියා විසින් ඇය වැසිකිලි වලෙන් මහත් පරිසමයක් දරා අසල්වාසින්ගේද සහායෙන් ගොඩ ගන්නා විටත් ඇය මිය ගොස් සිටි බව පොලිසිය කියයි. ඇයගේ මරණය සම්බන්ධයෙන් වු මරණ පරික්ෂණය එදින සවස මාවනැල්ල මූලික රෝහලේදි සිදු කෙරුණු අතර එම අවස්ථාවේ මාවනැල්ල මහ රෝහලේ අධීකරණ වෛද්‍යවරයා මෙම මරණයට හේතුව වශයෙන් වශයෙන් පෙන්වා දි ඇත්තේ විෂ වායුව අග‍්‍රහණය විමෙන් සිදු වු මරණයක් වන බවයි.

– සමන් විජය බණ්ඩාර

13,484 views

2 Comments to “වැසිකිලි වලට වැඩී පාසැල් දැරියක් මිය යයි…”

  1. Sarath Bulathsinghala says:

    මේ ලමයා බොහෝවිට බේරාගන්න තිබූණා නිසි ප්‍රථමාධාරක්‍රම ඒ අවස්ථාවේ භාවිතය කලානම්!

    අවාසනාවන්ත මරණයක්. මෙවැනි නිසි ප්‍රථමාධාරක්‍රම නොදැනීමෙන් සිදුවීම් ලංකාවේ බහුල වශයෙන් සිදු වෙනවා!

  2. අල්ලා says:

    🚽 🚻 වැසිකිළි හදන ප්‍රමිතිය phiල පරික්ෂා කල යුතුයි… වල වහන පියන හරහා වාතය ගමන් කරන බටයක් දාල තිබුණා නම් වල ඇතුලෙ ඔහොම විස වායු එකතු වෙන්නෑ….