වැසියන්ට මතක් කරදුන් පාරම්පරික තිරික්කල් රෙස් තරගාවලිය…

August 21, 2018 at 2:06 am | lanka C news
වැසියන්ට මතක් කරදුන් පාරම්පරික තිරික්කල් රෙස් තරගාවලිය…

පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් තරගාවලියක් කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේදී පැවත්වුණි.

පුනරීන් තරුණ සංසදය හා ග්‍රාමසංවරධන සමිතිය මගින් සංවිධානය කොට ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනය ,මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට සංවිධායකයින් විසින් පියවර ගෙන තිබුණි.

මේ අනුව අදාල ප්‍රදේශයන්හි සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගව ජෝඩු 70 ක් මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාර පාන ලබා දීමටද සංවිධායක පිරිස විසින් පියවර ගෙන තිබුණි.

පැරණි සම්ප්‍රදායන් වර්ථමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්ථමාන ජනතාවටද දැකබලා ගැනීමට හා වර්ථමානයේ ගවයින්ට සිදුවන වද හිංසා අඩුකිරීමට ගත් උත්සහයක් මෙම තිරික්කල් රේස් තරගාවලියේ අරමුණ බවට සංවිධායකයින් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,334 Viewers

2 Comments to “වැසියන්ට මතක් කරදුන් පාරම්පරික තිරික්කල් රෙස් තරගාවලිය…”

  1. Vijekala says:

    මෙව්වා හොඳ වෙඩ . අපිලටත් ෆන් හරකටත් ෆන්. හැබෙය් දළදා පෙරහෙරේ අලියා ගෙනියන එක වැරදි..

  2. Ane mage kata says:

    Amathaka velaa nevi. Danata avurudu keepayakata pera siyaluma avurudu uthsavaval eka angayak vune Thirikkala/ karaththa res. 2015n passe sathva hinsaavak tharkayak daala neethiyen thanam kalaa. Thirikkala/Karaththa res karana ayata aparaadha neethiya yatathe danduvam karana bavata. A kiyanne rate thibuna paaramparika sanskruthika angayak kappadu kalaa. Me Sanskruthika angaya yalith mathu kireema harima agai. sathutui.

Main News