වැසියන් මැත්පැන් හා මත්ද්‍රව්‍යට එරෙහිව විරෝධතා..

August 28, 2020 at 5:30 pm | lanka C news
වැසියන් මැත්පැන් හා මත්ද්‍රව්‍යට එරෙහිව විරෝධතා..

කිලිනොච්ය දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින් වහාම රාජ්‍ය නිලධාරීන් හා පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විසින් මත් උවදුර මැඩලිය යුතු යැයි පවසමින් විරෝධතා පා ගමනක් සංවිධානය කොට තිබුණි.

කිලිනොච්චියේ නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය වැලක්වීම සඳහා පසුගියදා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණයින් පිරිසකගෙන් එක් තරුණයෙකුට කිසියම් පිරිසක් විසින් පහර දීමත් හේතුකොට ගෙන මෙම විරෝධතා පා ගමන කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් විසින් ආරම්භ කොට තිබුණි.

එහිදී කරච්චි ප්‍රාදේශීය ලේකම් බාලසුන්දරම් ජයකරන් මහතාටද සන්දේශයක් භාර දෙමින් තරුණයාට පහරදුන් පිරිසට එරෙහිව වහාම පියවර ගත යුතු බවටත් ප්‍රදේශයේ හිස ඔසවා ඇති මත්පැන් හා මත්ද්‍රව්‍ය මැඩලීමට වහාම පියවර ගත යුතු බවට විරෝධතා කරුවන් කියා සිටියහ.

අනතුරුව විරෝධතාකරුවන් විසින් පාගමනින් කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට කිලිනෝචිය දිසාපති රූපවතී කේදීස්වරන් මහත්මිය අතටද සන්දේශයක් භාරදීමට පියවර ගත් අතර දිසාපති තුමිය විසින් එහිදී මත් උවදුර මැඩලීමට ගතහැකි පියවර සියල්ලක්ම ගන්නා බවට පවසා සිටියාය.

එහිදී විරෝධතා කරුවන් වැඩි දුරටත් පවසා සිටියේ මේ වන විට කිලිනොච්චියේ ජීවත් වන මත්පැන් හා මත්ද්‍රව්‍යට ඇබ්බහි වූවන්ගේ පවුල් ජීවිකාව සම්පූරණයෙන්ම කඩා වැටී ඇති අතර දිනෙන්දින මත් උවදුර හිස ඔසවන බවත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,682 views

One Comment to “වැසියන් මැත්පැන් හා මත්ද්‍රව්‍යට එරෙහිව විරෝධතා..”

  1. ඉත්තෑවා says:

    ඔබට සිත සුවදායක ලෙස තියාගන්න බැරි නිසා (රාග +ද්වේශ +මෝහ වැඩි නිසා) ප්‍රශ්න වලින් ඔලුව පුපුරන්න එනවා.
    ප්‍රශ්න මොහොතකට අතුරුදහන් කරලා දෙන බෙහෙත මධ්‍යසාර.
    හැබැයි මධ්‍යසාර ඇබ්බැහිය ඇති කරණවා.
    පස්සේ පස්සේ තිබ්බ ප්‍රශ්න වලට වඩා මධ්‍යසාර ප්‍රශ්නයක් වෙනවා.