වෑන් ටිපර් අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 4 කට බරපතලයි…

October 22, 2019 at 2:02 am | lanka C news
වෑන් ටිපර් අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 4 කට බරපතලයි…

කිලිනොච්චිය පොලීසිය ආසන්නයේදී වෑන් රථයක් හා ටිපර් රතයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

යාපනය වාසවිලාන් ප්‍රදේශයේ සිට පැමිණ ඇති වෑන් රථය කිලිනොච්චිය සිට යාපනය දෙසට ධාවනය වූ ටිපර් රථයක කිලිනොච්චිය පොලීසියට ආසන්නයේ 156 වන කිලෝමීටර් කනුව අසලදි මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ පැමිණි පස් දෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කල අතර පසුව එහිදී බරපතල තත්වයේ සිටි යාපනය වාසවිලාන් ප්‍රදේශයේ පදිංචි කදිර්පිල්ලෙයි නැමත්තා මිය ගොස් ඇති අතර අනෙක් සිව් දෙනාද බරපතල තත්වයෙන් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සිදු වීමත් සමග ටිපර් රථයේ රියදුරට ප්‍රදේශවාසීන් විසින් පහරදීමට උත්සහ දරා ඇති අතර කිලිනොච්චිය පොලීසිය විසින් තත්වය පාලනය කොට රියදුරු පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුර සිදුවීමට හේතුව සමබන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

730 Viewers
Main News