වෑන් රථ කොල්ලකරුවනට හමුදාවෙන් වෙඩි.. රියදුරු මිය යයි..

July 30, 2019 at 8:40 am | lanka C news
වෑන් රථ කොල්ලකරුවනට හමුදාවෙන් වෙඩි.. රියදුරු මිය යයි..

ඊයේ පස්වරු 7.30 ට පමණ මත්තෙගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් පැහැර ගෙන යමින් සිටි දෙදෙනෙකුට හමුදාව වෙඩි තබා ඇත.

මෙම කොල්ලකරුවන් හමුදාව දෙසට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ ගත් බවත් එම අවස්ථාවෙදි හමුදාව විසින් එක් සැකකරුවෙකුගේ පාදවලට වෙඩි තබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

සැකකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද පෙරවරුවේ මියගොස් තිබේ.

පැහැරගත් වාහනයෙන් පලායමින් සිටි සැකකරුවන් අඟුරුවාතොට ප්‍රදේශයේදී නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ අධික වේගයෙන් පලා ගොස් ඇති බවත් අනතුරුව ගාලුපාරේ වාද්දුව ප්‍රදේශයේදී හමුදා මාර්ග බාධකයේ නැවැත්වීමට උත්සාහ කිරීමේදී හමුදා සෙබලූන් දෙදෙනෙකුද යටකරමින් වෑන් රථය පලා ගොස් ඇත.

එහි එක් හමුදා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනෙක් සෙබලාද සුළු තුවාල ලබා තිබේ.

තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

21,781 Viewers

2 Comments to “වෑන් රථ කොල්ලකරුවනට හමුදාවෙන් වෙඩි.. රියදුරු මිය යයි..”

  1. Amda says:

    ආය කතා දෙකක් නෑ හමුදාවෙන් වැඩිකාල මැරුනනම් ඒ අන්ත අහිංසකයෙක් වෙන්නැති.

    • Janaranjana says:

      අර කාගෙද සිංදුවක් තියෙනව මේ රටේ උන් කෙලින්නෙම පිස්සු. දැන් අයිතිකාරයට වාහනෙත් නැති උනා. ඒක පදවාගෙන ගිය එකත් මළා. නපුන්සකයෝ රටක් පාලනය කරද්දී මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්ඩ බෑ.

Main News