වෑන් රථයක් හා ත්‍රී රෝදරථයක් ගිනි ගෙන විනාශයි.. ගිනි තැබුවාදැයි සැක…

September 18, 2019 at 2:02 am | lanka C news
වෑන් රථයක් හා ත්‍රී රෝදරථයක් ගිනි ගෙන විනාශයි.. ගිනි තැබුවාදැයි සැක…

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි නිවසක නවතා තිබූ වෑන්රථයක් හා ත්‍රී රෝද රථයක් හදීසියේ ගිනිගෙන විනාශ වී ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.

පේදුරුතුඩුව වල්ලිපුර පරියාරි වීදියේ පිහිටි නිවසක නවතා තිබූ වෑන් රථය සහ ත්‍රී රෝදරථයට රාත්‍රියේ ගිනි ගෙන ඇති අතර අසල්වැසියන් විසින් ගිනිගැනීම දුටු විගස නිවසියන්ට දැනුම් දුන්නද ඒ වන විටත් වෑන්රථය හා ත්‍රී රෝද රථය සම්පූරණයෙන්ම ගිනිගෙන ඇත.

අසල්වැසියන් විසින් ගින්න නිවා දැමීමට පියවර ගත්තද අදාල ගින්නේන වෑන් රථය හා ත්‍රී රෝද රථය විනාශ වී ඇති අතරම එම නිවසටද දැඩි හානි සිදුව ඇති බවටත් අදාල ගින්න කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තැබුවේද යන්න පිළිබඳව පේදුරුතුඩුව පොලීසිය විසින් පරික්ෂණ අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,476 Viewers
Main News