වෑන් රථ අනතුරකින් අයෙකු මිය ගොස් තව දෙදෙනෙකු බරපතලයි…

October 3, 2019 at 2:02 am | lanka C news
වෑන් රථ අනතුරකින් අයෙකු මිය ගොස් තව දෙදෙනෙකු බරපතලයි…

යාපනය මහනුව ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ටිප්ර රථ දෙකක ගැටීම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

යාපනයේ සිට කිලිනොච්චිය දෙසට ඒ-9 මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ වෑන් රථය ගැටී ඇති අතර වෑන් රථය පළමුව පැමිණි ටිපර් රථයේ ගැටීමෙන් පසුව දෙවනුව පැමිණි ටිපර් රථයේද ගැටී මෙම අනතුර සිදුව ඇති බවට පොලිස් මූළික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුරින් වෑන් රථය ධාවනය කළ රියදුර එම ස්ථානයේම මිය ගොස් ඇති අතර ටිපර් රථයක රියදුරු හා වෑන් රථයේ පැමිණි තවත් අයෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.

වෑන් රථයේ අධික වේගය රියදුරට පාලනය කරගැනීමට නොහැකි වීමෙන් හෝ වෑන් රථයේ රියදුරට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,035 Viewers
Main News