වික්ටර්ගේ බිරිද පොලීසියට බාරවෙයි.. රන් භාණ්ඩ වංචාවකට බැංකුවකින් චෝදනා… තව නූලෙන් වික්ටර් අත්අඩංගුවේ..
January 9, 2018 at 12:00 pm | lanka C news
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි
කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.
රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකුයේ කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඇය අද දිනයේ බාර නොවූයේ නම් ඇයව සගවා තබා ගැනීමේ වරද බව වික්ටර් රත්නායක මහතාද අත්අඩංගුවට පත් වීමට ඉඩ තිබූ බවයි.
Mokatada mechchara rate prashna thiyeddi anunge deval hoyanne ? News nathuvata vikara news daanavaa me web site eka.
Why the hell does it matter to us what Victor’s wife does ? NOT INTERESTED.
Talk about politicians stealing OUR MONEY.