වික්ටර් කල්ලියේ ප්‍රභලයෙක් STF අත්අඩංගුවට..

September 7, 2020 at 12:40 pm | lanka C news
වික්ටර් කල්ලියේ ප්‍රභලයෙක් STF අත්අඩංගුවට..

මුලතිව් දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී ක්‍රියාවන්හී නිරත වෙමින් පොලීසිය සොයමින් සිටි වික්ටර් නැමිත කල්ලියේ ප්‍රභල සාමාජිකයෙකු ඊයේ (06) දින අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි.

මුලතිව් දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී වැලි ජාවාරම්, දැව ජාවාරම්, මහජන සාමය කඩවන අයුරින් සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත වන වික්ටර් කල්ලයේ ප්‍රභල සාමාජිකයෙකු මෙලෙසින් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කොට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් තන්නිරුට්ටු මුල්ලියාවේලී ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු වන අතර සැකකරු වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29,000 views

2 Comments to “වික්ටර් කල්ලියේ ප්‍රභලයෙක් STF අත්අඩංගුවට..”

  1. LION says:

    යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය, ධනුරොක් කල්ලිය, වික්ටර් කල්ලිය හා අයි කල්ලිය වැනි කල්ලි කිහිපයක සාමාජිකයින් විසින් පසුගිය සමය පුරාම විවිධ නීති විරෝධි ක්‍රියා කරමින් කප්පම් ගැනීම් සිදුකොට තිබෙන බවට යාපනය ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත.

  2. john the baptice says:

    උතුරට හමුදාව වැඩිකර මේ හොරු රැල සුන්කළ යුතුය

Main News