වික්ටෝරියා බැම්ම අවදානමේ.. හුණුගල් කැඩීම නවතන්නැයි දන්වයි.. තවත් භූකම්පන ඇතිවෙයිලු..
November 19, 2020 at 6:48 pm | lanka C news
මහා පරිමාණ ලෙස කෙරෙන හුණුගල් කැණීම් කටයුතු හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ බැම්ම ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.
ජලාශය ආශ්රිත ප්‍රදේශවල මහා පරිමාණ සිදුකරන හුණු ගල් කැඩීම වහා නැවැත්වීමට පියවර ගත යුතු බවද ඔහු කියා සිටියේය.
එම ජලාශය පිහිටා ඇති ප්‍රදේශයේ පොළොව යට 75% ක පමණ අභ්‍යන්තරයේ ඇත්තේ හුණුගල් පාෂාණ බවත් කාලයත් සමඟ මෙම හුණුගල් තට්ටුව ඇති දිරාපත්ව කුහර ඇතිවන බවත් මතුපිට පීඩනය සමග ඒවා වෙන්න වීමකට ලක්වන බවත් ආතතිය හේතුවෙන් මේවා කඩා වැටීමෙන් කම්පන තත්ත්වයන් ඇති වන බවත් ඔහු පැවසීය.
මෙම තත්ත්වය දිගින් දිගටම සිදු වුවහොත් ඉදිරි කාලයේ දී මෙම ප්‍රදේශවල තව තවත් භූ කම්පන ඇති විය හැකි යයිද මහාචාර්යවරයා සඳහන් කළේය.
මහා බ්‍රිතාන්‍යයෙන් පිනට ලැබුණු දේ වත් පරිස්සමින් අරන් තියා ගන්න බැරි මිනිස්සුද ඔය පැත්තේ ඉන්නේ?
ඔය පැත්තේ තියෙන්නේ පොහොට්ටු ආණ්ඩුවක් නේවේද. කඩිනම් ක්‍රියාමාර්ග අරන් මේක නවත්ත බැරිද.
මිටි අය කම්කරු කරාම බිම හාරනවා.
උස අය කම්කරු කරා නම් ඔහොම වෙන්නෙ නෑ.
කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
හුඃ ; ඔය බැම්ම වගේයැ හුණුගල් කඩල ගන්න සල්ලි .