විකිරණශීලී වැලි ප්‍රශ්නයට ඇමති විමල් තදින් සිටී…

October 9, 2020 at 2:09 am | lanka C news
විකිරණශීලී වැලි ප්‍රශ්නයට ඇමති විමල් තදින් සිටී…

පුල්මුඬේ සිට දඹුල්ල ප්‍රදේශයට ගෙන එන වැලිවල විකිරණශීලී ස්වභාවයක් ඇති බවට පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සිදුු කළ අනාවරණය කෙරෙහි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ.

ඒ අනුව තම අමාත්‍යාංශයට අයත් ‘ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට්‘ ආයතනයේ පුල්මුඬේ යන්ත්‍රාගාරයේ සිට ඉහත අනාවරණයෙහි සඳහන් දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය වෙත ඛනිජවැලි නිකුක් කිරීම වහා අත්හිටුවීමට අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

එසේම ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ් ආයතනය ඉල්මනයිට් සහිත ඛනිජවැලි පිරිපහදු කිරීමෙන් අනතුරුව ඉතිරි වන අපද්‍රව්‍ය පෞද්ගලික ආයතන වෙත ලබා දීමේ දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය පිළිබඳව වහාම සොයා බලන ලෙස ද උපදෙස් ලබා ඇති අමාත්‍යවරයා ‘දඹුල්ලේ ඇති වූ විකිරණශීලී වැලි ප්‍රශ්නය’ සහ ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිටඞ් ආයතනයේ මෙහෙයුම් පිළිබඳව සොයා බැලීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිතය.

අනුරුද්ද බණ්ඩාර
මාධ්‍ය ලේකම්

70,146 views

19 Comments to “විකිරණශීලී වැලි ප්‍රශ්නයට ඇමති විමල් තදින් සිටී…”

  1. Wewegadara Appuhamy says:

    Wimal W…..decision of this matter we appreciated,because of precaution of radiation from nuclear sands is quite appropriate move by Minster. Minster of Industries having unprecedented task has to be discharge by Wimal Wereawansa.

    • Poor guy says:

      බොරුවට දවසක් දෙකෙක් මීඩියා එකේ විරුද්ධයි කියලා පෙන්නලා නැට්ට පස්ස පැත්තෙ ගහගත්තා වැඩේ උනා. එච්චරයි…

  2. දුටුගැමුණු says:

    විකිරණශීලි මූලද්‍රව්‍ය යනු ලෝකයේ මිල අධ්කම ඛනිජ සම්පතක්. වීරවංශ වැනි ගොබ්බයින් ට ඕවා තේරෙන්නේ නෑ. දැන් ඉතිං ඔය ඛනිජ සම්පත මහජනතාවට විසයි ඕක ලංකාවේ තියා ගන්නවත් හොද නෑ කියලා තුට්ටු දෙකට ඇමරිකාව ට විකුනයි. ලොකු කොමිස් මුදලකුත් ගහගන්නට පුලුවන් . බලාපල්ලා බොරු ද කියලා ! අනේ අම්මප ඉන්දියන් සාගරයේ මුතු ඇටයට ගිය කලක්!!!!!!

  3. damian says:

    විකිරනශීලි වැලි ඉතා මිල උනත් දඹුල්ලට ගේන එක හානිකර බව තේරෙන්නෙ නැති අය ඉන්නවා.