විකිරණශීල රසායන නිෂ්පාදනය කරන සයික්ලොට්රෝනයක් ලංකාවට…
January 14, 2021 at 8:40 am | lanka C news
PET ස්කෑන් සඳහා භාවිතා වන විකිරනශීල ෆ්ලොරින් සහිත ඩයි වර්ගය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනයට අවශ්‍ය වන සයික්ලොට්‍රෝන් (cyclotrone) උපකරණයක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කිරීමටත් එහි නිෂ්පාදනය වෛද්‍ය සැපයුම් අංශය මගින් මිලදී ගැනීමටත් වන අවබෝධතා ගිවිසුම ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේදී අත්සන් කෙරිණි.
පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල්, කොතලාවල විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සමග වෙන් වෙන්ව ගිවිසුම්ගත විය.
දැනට මෙකී ඩයි වර්ගය ඉන්දියාවෙන් ගෙන්වන අතර එහි අර්ධ ආයු (T 1/2) කාලය පැය 2 වන හෙයින් රෝගියකුට ලබා දිය යුතු අවම ඩයි ප්‍රමාණය ලබා ගැනීමට එමෙන් කිහිප ගුණයක් ඉන්දියාවෙන් ගෙන ආ යුතුය. විකිරණශීලී ද්‍රව්‍යවල ක්ෂය වීමේ ගුණය නිසා කල් ඇතුව ඇණවුම් කර ගබඩා කර තබා ගැනීමට ද නොහැක. PET ස්කෑන් පරීක්ෂාවක් සඳහා යොදා ගන්නා ඩයි එක් රෝගියකුට ලබා දීමට රු 54,000 මුදලක් වැය වේ. ලංකාවේ නිෂ්පාදනයෙන් පසු එය රු 14,000 කට ලබා දිය හැකිය.
මෙහිදී සභාව ඇමැතූ ඖෂධ නිෂ්පාදන, සැපයුම්, නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ විශාල විදේශ විනිමයක් මෙම ව්‍යාපෘතියෙන් රටට ඉතිරි වන බවත් දැනට සීමිත පහසුකමක් බවට පත්ව ඇති PET ස්කෑන් පරීක්ෂන පහසුකම පුළුල් කිරීමට හැකිවන බවත්ය.
අද වන විට දිනකට නව පිළිකා රෝගීන් 70 ආසන්න ප්‍රමාණයක් හදුනා ගන්න බවත් දිනකට 38 මිය යන බවත් පැවසු මහාචාර්ය ජයසුමන පිළිකා රෝගීන් වැඩි වීමට මුලික වී ඇති අධික කෘෂි රසායන භාවිතය නිවැරදි කිරීමටත් සහ ආහාර රටාව නිවැරදි කිරීමටත් කටයුතු යෙදිය යුතු බව පැවසීය.
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍යංශ දෙකේ ලේකම්වරු, විදුලිබල අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ඕෂදී අලහප්පෙරුම, පරමාණුක බල ශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය SRD රෝසා. පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
– repoter
කපටිකමෙ සහ අහිංසකකමෙ හා කුටතාවයෙ හා කෘරතාවයෙ හිටියෙ කෙනෙක් තමා රනිල් වික්‍රමසිංහ හා ජෙ අාර් නමුත් අහිංසකකම වැඩිම කපටිකම අඩුව ෙම් ගුණයම තිබ්බ කෙනෙක් තමා මහින්ද හා ෙගාඨාබය හා කැප්පෙටිපොල.
කුසලතාවය තිබ්බ කෙනෙක් තමා දුටුගැමුණු රජ්ජුරුෙවා හා ලංකාවෙ ෙබාහො රජවරු
දක්ෂතාවය තිබ්බ කෙනෙක් තමා අනගාරික ධර්මපාල තුමා දක්ෂතාවය නිරපෙක්ෂයි කුසලතාවය සාපෙක්ෂයි නමුත් දක්ෂතාවයෙ ඉන්න අය කුසලතාවයත් පාවිච්චි කරනවා.
ශුරතාවය තියෙන්නෙ කිරිබත්ෙගාඩ ඥණානන්ද මහ රහත් හිමි හා කමල් මිට කිරිබත්ෙගාඩ ඥණානන්ද මහ රහත් හිමි
Palayan angoda methana kotanne nathuwa.
ආණ්ඩුව කෙලින බුල් හැටියට මෙහෙමවත් අල්ලගෙන යන්නේ මේ වගේ හොද වැඩ එකක් දෙකක් නිසා තමයි. සුදුස්සාට සුදුසු තැන ලැබුණා ලැබුණා ම මේ වගේ වැඩක් වෙනවා. මහාචාර්ය රෝස කියන්නේ න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳ අපේ රටේ ඉන්න හොඳම උගතා. මහාචාර්ය ජයසුමන උපන්ගෙයි දේශප්‍රේමියෙක්. ජයවේවා..
“ආණ්ඩුව කෙලින බුල්” Monawada kiyala kiyannako, danne nathi nisa ahanne.
90,000ක් මිනී මරල, මිනීමැරුම් නඩු වලින් බේරෙන්න පාර්ලිමේන්තුවට රිංගපු මිනීමරු ජෙප්පන්ට නඩු නොදැමීම තමා ලොකුම බුල.
පොහොටිටුවට සදා ජය. මෙි තරමි අමාරැ කාලෙකත් රටෙි දියුනුව නොනැවති ඉදිරියටම
Excellent work Prof. Jayasumana. Please keep up the good work and the purpose of ‘Wiyath Maga’ glowing. Im sure none of the ‘Toyya’s will bark for this news blaming the ‘Bayya’s !!!
If vision is good, that is good idea..
පිළිකා රෝගීන්ට එකම පිළියම හෙළ ඔසු පමණයි.
පිළිකා සෛල විනාශ කරන අරුම පුදුම බෙහෙත! කරවිල.
ඇයි මන්නොක්කා අල
විටමින් B17
Dear Prof. This is a good job. But U have mentioned the reason for cancer. Take immediate steps to eliminate the course.We can bear difficulties.